Colombo Today Local News

ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස, කෝටි 12/2 ගත් රේගු ලොක්කෝ 3ක් දැලේ

money-640x400

ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. කෝටි 12 1/2 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී ඉහළම පෙළේ රේගු නිලධාරීන් තිදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (15) සවස පංචිකාවත්තේදී අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අමතර කොටස් ගෙන්වනු ලබන ව්‍යාපාරිකයකුට රුපියල් කෝටි 150කට අධික තීරු බදු මුදලක් නොගෙවා රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මෙලෙස මෙම නිලධාරීන් තිදෙනා රුපියල් කෝටි 15ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලන බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දුන් තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

ඒ සඳහා එම භාණ්ඩ තොගය ගෙන්වන ලද ව්‍යාපාරිකයාට රුපියල් මිලියන 1500 ක් රේගු බදු වශයෙන් ගෙවීමට සිදුව තිබේ. එහෙත් එවැනි මුදලක් නීත්‍යනුකූලව ගෙවීමට නොමැති බව සමාගම් නියෝජිතයින් විසින් දැනුම්දුන් පසු අමතර කොටස් රේගු බදුවලින් තොරව මුදාහැරීමට අල්ලසක් ලෙස රු. මිලියන 500 ක් අදාළ රේගු නිලධාරීන් ඉල්ලා තිබේ. පසුව ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දුරකථනයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති අතර ඒ අනුව මෙම වැටලීම සිදුව තිබේ.

ඉන් අනතුරුව සැකකරුවන් සමග සූක්ෂ්ම ලෙස සාකච්ඡා කළ වැටලීම් නිලධාරීන් අල්ලස් මුදල තවත් අඩුකරගෙන තිබේ. ඉන්පසු එම සැකකරුවන් මිලියන් 150 අල්ලසක් ඉල්ලා ඇති අතර දින කිහිපයක් තිස්සේ සිදුකරන ලද සාකච්ඡාවලින් පසුව නැවත එම අල්ලස් මුදල රුපියල් මිලියන 125 ක් දක්වා අඩුකර ගෙන තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් මුදල් තොගය මුදල් අමාත්‍යංශය හරහා ලබාගෙන සැක නොසිතන අයුරින් විශාල ට්‍රැවලින් බෑග් දෙකක බහා මුදල් තොගය සූදානම් කරන ලදී.

පසුව සැකකරුවන් විසින් සිදුකරන ලද දැනුම් දීමකින් පසුව ඊයේ සවස (15) මුදල් ලබාදීම සඳහා ගිය උපාය දූතයින්ට පළමුව පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ කොළඹ තරු පහේ හෝටලයකට පැමිණෙන ලෙසයි. ඉන් පසුව හෝටලයට යන අතරවාරයේදී සැකකරුවන් අවස්ථා කිහිපයකදීම සිය ස්ථාන වෙනස් කරමින් වැටලීම් නිලධාරීන්ව නොමග යවමින් පරීක්ෂාකර තිබේ. අවසානයේදී සවස 4 ට පමණ පංචිකාවත්ත ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් ගෙන්වන කඩයකට පැමිණෙන ලෙස සැකකරුවන් දැනුම් දී තිබේ. ඒ අනුව මුදල් තොගය රැගෙන ගිය උපායදූතයින් සැකකරුවන් අතට මුදල් ලබාදී තිබේ.

මුදල් ලබා දුන් පසු එක් රේගු නිලධාරියකු විසින් මුදල් බෑගය කඩා මුදල් නෝට්ටු විවෘත කර ඒවා ව්‍යාජ නෝට්ටු දැයි පරික්ෂා කර ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඉන්පසුව ගනුදෙනුව සාර්ථක බව සාකච්ඡා කරනවාත් සමගම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරින් මෙම රේගු නිලධාරින් තිදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරි ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරි එම්. ඩී. යූ. ජී. පෙරේරාත්ය.

පසුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ වූ අතර එහිදී හෙළිව ඇත්තේ මෙම නිලධාරින් තිදෙනාට අමතරව තවත් උසස් නිලධාරින් කීප දෙනකුම මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවයි.

එම පිරිස ද ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිතයි. එසේම මෙම රේගු නිලධාරින් තිදෙනා ඉතා සුඛෝපභෝගී ජීවිත ගතකරන අතර ඔවුන්ගේ දරුවන් සහ බිරිඳ පිටරටවල ජීවත්වන බවද පරීක්ෂණවල දී හෙළිව ඇතැයි වාර්තා වේ.

එසේම මෙහි විශේෂත්වය වන්නේ මෙයින් එක් රේගු නිලධාරියකුට මෑතක දී සිදුකරන ලද වැටලීමක් වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් මිලියන 30 දිරි දීමනා තෑගි මුදලක් ලැබූ රේගු නිලධාරියෙක් ද වීමයි.

මෙම වැටලීම රේගු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර වැඩබලන අධ්‍යක්ෂ විමර්ශන සහකාර ‍පොලිස් අධිකාරි රොෂාන් හේවාවිතාරණ, සහකාර විමර්ශන අධ්‍යක්ෂ, සහකාර ‍පොලිස් අධිකාරි රුවන් කුමාර සහ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඒ. පී. ලියනගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ නිලධාරින් විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් මොහොතක් ලෙස අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සඳහන් කර සිටී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් උපාය දූතයකු යොදවා අදාළ අල්ලස් මුදල රුපියල් කෝටි 12 1/2 දක්වා අඩු කර ගැනීමෙන් අනතුරුව ඊයේ සවස 4.00ට පමණ කොළඹ පංචිකාවත්ත මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසළකට එන ලෙස දන්වා අදාළ සැකකාර රේගු නිලධාරීන් තිදෙනාට දැනුම් දී තිබේ.

මෙලෙස අදාළ ස්ථානයට පැමිණෙන ලෙස රේගු නිලධාරීන් තිදෙනාට අදාළ දූතයා දන්වා ඇත. ඒ වන විටත් රජයේ භාණ්ඩාගාරයෙන් සලකුණු කළ මුදල් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක මුදල අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන නිලධාරීන් විසින් සූදානම් කොට දූතයා වෙත ලබා දී ඇත. ඉන් අනතුරුව මෙම නිලධාරීන් තිදෙනා පැමිණ උපාය දූතයාගෙන් මුදල් ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිවී ඇත.

අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් අතර රේගු අධිකාරිවරයකු වන සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරිවරයකු වන ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරිවරයකු වන එම්.ඩී.යූ.ඩී. පෙරේරා යන අය සිටිනා බව එම කොමිසම සඳහන් කර සිටී.

අදාළ සැකකාර රේගු නිලධාරීන් තිදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන බවත් එම කොමිසම සඳහන් කරයි.

Related posts

දිවයිනට ආ ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද යාල වනෝද්‍යානයේ සංචාරයක

colombotoday

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

colombotoday