Colombo Today Local News

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

සහල් සඳහා පෙරේදා (04) දින මධ්‍යම රාත්‍රීයේ සිට නිකුත් කළ උපරිම මිලට සහල් විකිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට වැටලීම් ඊයේ (05) දින සිට ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ පාරිභෝගික ජනතාවට නියමිත මිලකට සහල් ලබා දීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කියා සිටි ඒ මහතා ඒ අනුව සහල් නිෂ්පාදකයන්ට සහ මෝල්හිමියන්ට සහල් සඳහා උපරිම විකිණුම් මිලක් නියම කළ බවද කියා සිටියේය.

පෙරේදා දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව තම්බන ලද සහ කැකුළු, සුදු හා රතු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 94ක් තම්බන ලද සුදු සහ රතු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 92ක උපරිම මිලක් ද කැකුළු රතු සහ සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 89ක උපරිම මිලක් නියමකර ඇති බවත් එම මිල ගණන් ඉක්මවා විකුණන පුද්ගලයන් සොයා වැටලීම් සිදු කරන බවත් අවධාරනය කළේය.

Related posts

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

නීති විරෝධි වැඩකට ගෙනා “කුරාණය” පොත් තොගයක් අත්අඩංගුවට

colombotoday

කටුනායකදී ලෙබනන් ජාතිකයෙකුගේ ඩොලර් 14,000ක් සොරා ගත් චීන ජාතිකයෙකු සොයා විමර්ශන..

Admin