Colombo Today Local News

මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටනවා- වජිර

එන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව පිහිටවූයේද ජයග්‍රහණය කර නොව පරාජය වීමෙන් පසු බවද ඔහු පැවසීය.

ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇති වගන්තිය උපයෝගී කරගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවරත් ඒ ආකාරයෙන්ම සිදු විය හැකි බවද ඔහු එහිදි ඉගි පල කළේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

පවතින දේශීය හා ජාත්‍යන්තර ආර්ථික අවපාතය හමුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ඕනෑම ආණ්ඩුවක් මාස 06ක් අතුලත බිද වැටෙන බවද ඔහු එහිදී පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

රොහින්ග්‍යා ඉස්ලාම් අන්තවාදීන්ගේ ඇත්තම කතාව.. බුරුම හිමිනමක් සිංහලෙන් පැහැදිළි කරයි

colombotoday

ඉන්ධන මිල ඉහළට

colombotoday

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin