Colombo Today Local News

ණය අර්බුදයේ තරම කැබිනට් තීරණයෙන් තහවුරු වේ.. අධික පොලියට තවත් ණය ගනී !

ආණ්ඩුව මුහුණපා සිටින මූල්‍ය අර්බුදයෙන් ගැලවීම සදහා ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා ගනිමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියි.

ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කිරීමේ සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත්දා ගනු ලැබූ තීරණයෙන් එය පැහැදිලි වන බව ඔහු පැවසිය.

මෙම වසර තුළ කල් පිරීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ද ඇතුළුව ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කිරීමේ සීමාව අමෙරිකානු ඩොලර් මිලියන 1500 සිට අමෙරිකානු ඩොලර් මිලියන 3000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ඉකුත්දා තීරණය කළේය.

මෙලෙස දිගින් දිගටම අසාමාන්‍ය ලෙස ණය ගැනීම මෙරට ආර්ථීකයට ඔරොත්තු නොදෙන බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

පෑනක් වැනි ගිනි අවියක් සමඟ පොකුණුවිට “කන්ගැට්ටා” අත්අඩංගුවට

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

බුදුන් වහන්සේගේ පින්තූරය දාන්නත් අගමැති රනිල්ගෙන් අවසර ගන්න වෙයි !

colombotoday

මාධ්‍ය මගින් අපහාස වුණොත් පොලීසියට කියන්න එපා.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday