Colombo Today Local News

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය කන්නවල දී ඉහළ අස්වැන්නක් ලැබුණු බැවින් සහල් හිඟයක් මවාපෑමට දරණ උත්සාහයට ඉඩ නොදිය යුතු බව ගොවීන් පෙන්වාදෙන්නේය.

පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද (05)දින පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණය කිරීමටත්, වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් පියවර ගත් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඉදිරියේදී වී ගොවියා ද රැකගනිමින් ගැටලුවක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර ඇත.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිඟය සහ පාසල්වල අඩුපාඩු පිළිබඳ පොළොන්නරුවේ ජනතාව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

ඒ පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල්වල පවතින අඩුපාඩුවල පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කුඩා පරිමාණව මැණික් ගැරීමේ නිරත ඇලහැර ජනතාවට පරිසරයට හානී නොවන අයුරින් සිය කර්මාන්තය කරගෙන යාමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

Related posts

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

colombotoday

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි‍‍යි

colombotoday

එන්නත් ලබාදීම කඩිනම් කිරීමට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් එක් වෙයි

colombotoday

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

කුඩු බිස්නස්, වනසංහාර නවත්වනවානම් බදුර්දීන්ට කෝටි 100ක් දෙන්න සංඝ සම්මේලනය සූදානම් – ආනන්දසාගර හිමි

colombotoday