World

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

මාලි රාජ්‍යයේ ජනාධිපති සහ අගමැති එරට හමුදා කඳවුරක රඳවාගෙන ඇති බව වාර්තා වේ.

මාලි රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක, හමුදා සාමාජිකයින් පිරිසක් විසින් ඔවුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා කැරලිකරුවන් විසින් ජනාධිතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ අමාත්‍යවරුන් කිහිපදෙදෙනක් ඇතුළු පිරිසක් ඊයේ (18)දින පස්වරුවේ සිය භාරයට ගෙන තිබුණි.

එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා නිවේදනය කළේය.

හමුදාවේ ඇතැම් පාර්ශ්වයන් මෙම මැදිහත්වීම අත්‍යවශ්‍ය බවට තීරණය කර ඇති බැවින් තමාට වෙනත් තෝරාගැනීමක් නොමැති බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම බලයේ රැඳී සිටීම සඳහා අගනුවර ලේ වැගිරීමක් සිදුකිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පැවති පාර්ලිමේන්තුව ද ඔහු විසින් විසුරුවාහැර ඇතැයි සඳහන් වේ.

ජිහාද් කැරලිකරුවන් සමග පවතින අඛණ්ඩ ගැටුම් හා තමන්ට ලැබෙන වැටුප් සම්බන්ධයෙන් මාලි රාජ්‍යයේ ඇතැම් හමුදා කණ්ඩායම් දැඩි කෝපයකින් පසුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට රටේ පාලනය භාරව සිටින්නේ හමුදාව ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

Related posts

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday