Colombo Today Local News

මහ සයුරේ විස්කම් පෑ, යහපාලනය විලංගු දැමූ කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා රියර් අද්මිරාල් නිලයට උසස්කර තිබේ.

යුද සමයේ දී විවිධ තනතුරු දරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙයක් ඉටුකළ දසනායක මහතා කීර්තිමත් නාවික හමුදා නිලධාරියෙකි.

ඒ මහතා එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර ඒ අනුව අදාළ උසස් කිරීම සිදුව තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පවසයි.

ඩී.කේ.පී දසනායක මහතා 1987 වසරේ දී ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව තිබෙන අතර යුද සමයේ දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කෙළේය.

Related posts

QR ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන දැනුම් දෙයි

Admin

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල යලිත් ඉහළට

colombotoday

පල්ලියේ පිං කැටයෙන් රු.20ක් හොරාගත් මොහොමඩ්ට අවුරුද්දක සිර දඬුවමක්..!

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday