Colombo Today Local News

QR ක්‍රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – ඇමති කංචන දැනුම් දෙයි

ඉන්ධන නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අප්‍රේල් 10 වන දා සිට QR කේත ක්‍රමය අහෝසි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ වන විට වෙන් කර ඇති ඉන්ධන කෝටා වැඩි කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයේ දත්ත විශ්ලේෂණය කරනු ඇති බව කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිඩිඩයේ දැක් වේ.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කර මේ පිළිබඳ තීරණ ගනු ලබන බව
එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

කසළ ප්‍රතිඅපනය කිරීම, සරුංගල්, සුවද දුම්, වෙසක් පහන් ආනයනය කිරීම තහනම් කෙරේ

colombotoday

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

“මැලේසියා තානාපතිට ගුටි ඇන්නේ කොටි නෙවෙයි.. මහින්ද හිතවාදී ඩයස්පොරාවයි” – එජාප මන්ත්‍රී

colombotoday

සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්

colombotoday

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday