Colombo Today Local News

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා  සමග පෞද්ගලිකවම සාකච්ඡා කර ඇති බවත්, එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (16දා) පස්වරුවේ එක් වෙමිනි.

මහබැංකු මංකොල්ලයට අදාළ සියලු වගඋත්තරකරුවන් ද මේ වන විට අණාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පැවැසීය.

එසේම රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති බවත් ජනපතිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පියා ගෙල වැලලාගෙන. මවගේ සහ දරු දෙදෙනාගේත් මළ සිරුරු නිවසේදී හමුවෙයි.

Admin

කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්.. – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

colombotoday

චම්පික අත්අඩංගුවට!

colombotoday

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ ලක් විරුවෙකුට UN හරසර

colombotoday

‘මේ සතිය තුළ කොවීඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නෑ’

colombotoday