Colombo Today Local News

පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි

ඇවන්ට්ගාඩ් පාවෙන අවි  ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉල්ලා තිබූ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කළේය.

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු 5 දෙනෙකු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුමක් ගොනු කළ අතර එය විභාගයට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගිනි අවි ආඥා පනත යටතේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.

එම නිසා අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

Related posts

කේරළ ගංජා තොගයක් සමග හිටපු මන්ත්‍රී අත්අඩංගුවට !

colombotoday

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin