Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට ඇති පරිදි ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදීමත් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් බිහි කිරිම උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර ගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න පත් කොට තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඩි.එම්.එස්. දිසානායක එම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත.

වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මට හානිකර අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මෙම කාර්ය සාධක බලකායට පැවරි ඇති ප්‍රධාන වගකීම් වලින් එකක් වේ.

මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරැවන්නන් ඉන් වැළැක්වීම සඳහාත්, වරාය හා ගුවන් තොටුපොළ ආදී ස්ථාන හරහා පිටරටින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙන්ම රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම පුර්ණ වශයෙන් මර්ධනය කිරිම හා එමගින් ඇතිවන සමාජ ව්‍යවසනයන් වැළැක්වීම සහ ඊට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිම ද මෙම කාර්ය සාධක බළකායට පවරා ඇත.

මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා පත් කොට ඇති සාමාජිකයින් ගේ නම් ඇතුලත් විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ:

Related posts

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

රත්‍රං මිල ඉහළට

Admin

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

colombotoday