Colombo Today Local News

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

බස්නාහිර පළාත තුළ සිදුකළ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම්වලදී පුද්ගලයින් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (4)දින උදෑසන 6.00 සිට අද (5)දින උදෑසන 5.00 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන්.

එහිදි හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 156 දෙනෙකු, ගංජා ළඟ තබාගත් සැකකරුවන් 105 දෙනෙකු සහ නීති විරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 153 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව අයිස් ළඟ තබාගත් සැකකරුවන් 24 දෙනෙකු ගෝඩා ළඟ තබාගත් සැකකරුවන් 09 දෙනෙකු සහ වෙනත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

Admin

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday