Colombo Today Local News

පොල් ගෙඩිය මැනීමේ නවතම මිනුම ගල් යුගයේ වැඩක්. නීති අධ්‍යක්ෂකවරියට චෝදනා

පසු ගිය 25 වනදා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පොල් මිල පාලනය කිරීම සදහා අංක 2194/73 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී. එමගින් පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරීම මුලින්ම ලංකාවට හදුන්වා දෙනු ලැබීය.

එහි සදහන් ආකාරයට පොල් ගෙඩියේ වට ප්‍රමාණය මනිනු ලබන මිනුම් දණ්ඩ වන්නේ අඟල් ය. අඟල් යන මිණුම අප භාවිතයෙන් ඉවත් කර දශක ගණනාවක් වේ. වර්තමාන ලෝකය ගමන් කරන්නේ සෙන්ටි මීටර හා මිලිමීටර ලෙස සළකනු ලබන Metric ක්‍රමයට වන අතර අඟල් භාවිතා කරන්නේ Imperial ක්‍රමය හෙවත් අධිරාජ්‍ය ක්‍රමයටය. ඒනයින් බලන කල පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අංශයේ අධ්‍යක්ෂකවරිය තවමත් ජීවත්වන්නේ ගල් යුගයේ බව පැහැදිලිව දක්නට ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ සදහන් කරයි.

පොල් සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ අඟල් වලින් වුවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගැසට්පත්‍ර නිකුත් කිරීමේ වගකීම දරන්නේ එහි නීති අධ්‍යක්ෂකවරියයි.

පසුගිය දිනවල රජය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය යලි හකුලා ගැනීමට සිදුවිය. එසේ වූයේ නිළධාරීන්ගේ වරදින් බව ඉතා පැහැදිලි නමුත් සමාජ මාධ්‍ය ජාලා මෙම ගැසට් රිවස් කිරීම පිළිබදව විවේචන එල්ල කරන ලද්දේ ජනාධිපතිවරයා වෙතය. පාරිභෝගික කටයුතු අධිකාරියේ පොල් පාලන මිල ගැසට්පත්‍රය මෙසේ වරදවා මුද්‍රණය කර ඇත්තේ ජනාධිපතිවරයා හා රජය අපහසුතාවයට පත් කිරීමට හිතාමතාමද යන්න පිළිබදව වහාම සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

පාරිභෝගික කටයුතු අධිකාරියේ ආරම්භයේ සිටම නීති අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන නිළධාරිනිය වසර ගණනාවක පළපුරුද්දක් ඇති නිළධාරිනියක් සහ ඇය මේ වන විට මෙරට ජනාතාවගේ මුදලින් විශාල රටවල් සංඛාවක පුහුණව සදහා සහභාගී වී ඇති පළපුරුදු නිළධාරිනයක්
බවත් ඇය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙනුවෙන් කිසිම නඩු කටයුත්තකට මෙතෙක් පෙනී සිට නැති බවත් ඇය වඩාත් උනන්දුවක් දක්වන්නේ පිටරට සංචාරවලට බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ බහුතරයක් දන්නා කාරණයක් බවත් ඔහු සදහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පොල් මිල පාලනය කිරීම සදහා අංක 2194/73 දරණ අතිවිශේෂ ගැසට් ගැසට්පත්‍රය නිකුත් කිරීමේ දී සම්මත මිණුම් දඩු වරදවා මුදුණය කිරීමේ වගකීම සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නීති අධ්‍යක්ෂකවරිය භාරගෙන වහාම ඉල්ලා අස්විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටී. එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ ගැසට්පත්‍රයක් නිවැරදි ආකාරයට සකස් කිරීමට නොදත් අයෙකු ජනතා මුදලින් නඩත්තුවීම රටකට ඔරොත්තු නොදෙන බවත් එවැනි නිළධාරීන් හිතාමතාම හෝ වැරදීමකින් කරනු ලබන එවැනි ක්‍රියා හේතුවෙන් ජනාධිපතිවරයා විෂයභාර අමාත්‍යවරයා ඇතුලු රජය අපහසුතාවය පත්ව ජනාධිපතිවරයා රට ඉදිරියේ හාස්‍යට ලක්වන බවයි.

Related posts

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

colombotoday

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday

“ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා.. ඔවුන්ට කරන දේ ගැන අපි සාකච්ඡා කරනවා” – චන්ද්‍රිකා

colombotoday