Colombo Today Local News

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

ලෝක බලවතුන්ගේ සහභාගිත්වයෙන් කැනඩාවේ පැවති ජී 7 සමුළුව නිමා වීමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

ඒ , ජී 7 සමුළුව අවසානයේ සාමාජික රටවල නායකයින් විසින් අත්සන් තබනු ලබන ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් තොරවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා පිටව ගොස් ඇත්තේ වංකභාවයෙන් කටයුතු කරන බවට, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටූඩෝට විවේචන එල්ල කරමිනි.

අදාළ නිල ප්‍රකාශයට අත්සන් නොකරන ලෙසට ද ඔහු අමෙරිකානු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කැනඩාවේ පැවති ජී 7 සමුළුවේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සිංගප්පූරු සංචාරය පිළිබඳව ද අදහස් පල කළේය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට මම සිංගප්පූරුව බලා පිටත්ව යනවා. එය අප දෙදෙනාටම විශේෂ අවස්ථාවක්. එවැනි අවස්ථාවක් යළි උදාවෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න මම බලාපොරොත්තු වෙනවා. උතුරු කොරියාවට වගේම ලෝකයටත් ඉන් යහපත් ප්‍රතිඵලයක්ම ලැබේවී. මෙම හමුවෙන් උතුරු කොරියානු දේශයට සාමය උදාවේ යැයි මම විශ්වාස කරනවා

අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව පැවැත්වෙන්නේ ලබන අඟහරුවාදායි.

සාමය සහ ශාන්තිය යන අරුත සහිත සෙන්ටෝසා දූපතේදී මෙම ඓතිහාසික හමුව සිදුවනු ඇති.

එහි ඇති තරු පහේ හෝටලයක් වන කපෙල්ලාහිදී සාකච්ඡා පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂාව මධ්‍යයේදී ය.

මෙම හමුව වෙනුවෙන් හෙට සිට සිය ගුවන් අවකාශයට සීමා පැනවීමට ද සිංගප්පූරුව කටයුතු යොදා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ශැන්ගිලා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත අතර උතුරු කොරියානු නායකයා ශාන්ත රෙගිස් හෝටලේ නවාතැන් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අනිද්දා පැවැත්වෙන සියවසේ හමුව, ලෝක දේශපාලනයේ සුවිශේෂි සංධිස්ථානයක් වනු ඇති.

Related posts

උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

colombotoday

කඹ ඇදිල්ලක්: TNA,UNP අළුත්ම ව්‍යවස්ථාවක් ඉල්ලයි – ශ්‍රීලනිපය සංශෝධන පමණක් ඇති කියයි

colombotoday

විග්නේශ්වරන්ගේ ගෝලයෙක් ප්‍රභාකරන්ගේ ඡායාරුප යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල

colombotoday

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday