Colombo Today Local News

“ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා.. ඔවුන්ට කරන දේ ගැන අපි සාකච්ඡා කරනවා” – චන්ද්‍රිකා

chandrika kumaratunga23

පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් යුද අපරාධ සිදුරක ඇති බවත්, තමන් යුද අපරාධ සිදුකළ බව හමුදාව විසින් පිළිනොගනු ඇති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

පෙරේදා 08 සිය ප්‍රධානීත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය සහ සංහිදායව සදහා කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකොට ඇත්තේ අතුරුදන් වීම් පමණක් නොවන බවත් පවසන ඇය යුද්ධය අවස්ථාවේදී සිදුකළ අසාධාරණ කටයුතු, මානව හිමිකම් උල්ලංඝනය වැනිදේ සිදුවුයේ නම් එහි වගකීම භාරගෙන සාමාන්‍ය වැසියෙකු වශයෙන් සමාජයට පිවිසීම සදහා සිදුකළ යුතු බොහෝ දෑ ඇති බවත්, සිද්ධවූයේ කුමක්දැයි දැනගැනීමේ අයිතිය පිඩාවට පත්වූවන්ට ඇති බවත් සදහා කළාය.

කරපු කෙනා හැමෝම දැන ගත්තත් කියන්නේ නෑ මම කෙරුවා කියලා’ යැයි සදහන් කළ ඇය වරද පිළි නොගැනීම හැඳින්වූයේ දකුණු ආසියානු සම්ප්‍රදාය ලෙසයි.

“වැරැද්ද පිළිගන්න කිසි කෙනෙක් කැමති නෑ. ඇහැට පෙනී පෙනී තිබුනත් පිළිගන්නේ නෑ,” යැයි කී හිටපු ජනාධිපතිවරිය සදහන් කර සිටියේ තම පුද්ගලික මතය පමණක් වන එය රජයේ පිළිගැනීම නොවන බවයි. ‘එවැනි තත්වයක් තුළ විශේෂයෙන් හමුදාවේ පිරිස් අනේ සමාවෙන්න මම කෙරුවා කියලා කියන්නේ නෑ’ යැයි ඇය වැඩි දුරටත් සදහන් කළේය.‍

ඒ හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බව ඇය වැඩි දුරටත් පැවසීය.

Related posts

මහවැලි ජලය වයඹට හරවයි.. යල මහ දෙකන්නය අස්වද්දන යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ

colombotoday

“යුද වීරයෙක් වුවත් වැරදි කර ඇත්නම් කිසිදු සමාවක් නෑ” – නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා

colombotoday

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday