Colombo Today Local News

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතියක් භාවිතා කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වසර දහයක් තිස්සේ රුපිල් කෝටි 168 ක බදු කුලී මුදල් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි 02ක් හා නළ පද්ධතිය ලිඛිත ගිවිසුමකට එළැඹීමකින් තොරව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වෙත 2010 වසරේදී ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රුපියල් කෝටි 168 ක මුදලක් සිමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු බවට තක්සේරුකොට තිබිණි. බදු කුලී අය කර ගැනීම සඳහා 2020 ජනවාරි 24 හා ජුනි 30 දිනැති ලිපි මගින් බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කළ ද මේ දක්වා එම මුදල් අයවී නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙකී මුදල ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදුකරගෙන යන බව සිමෙන්ති සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම් දී ඇත.

Related posts

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

මඩකලපුවේ රජයේ ඉඩම් කොල්ලයක්.. බලහත්කාරයෙන් පදිංචි වෙයි.. නිලධාරීන්ටත් ප්‍රහාර !!

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday

සාමාන්‍යපෙළ අසමත් වුවත් උසස්පෙළ කැමති අංශයකින් හදාරන්න අවස්ථාව දෙනවා – අධ්‍යාපන ඇමති අකිල

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday