Colombo Today Local News

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සදහන් කරයි.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව එම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රඳවා තබා ගන්නා බවයි.

ශ්‍රී ලංකන් සමාගම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි. මෙම ගුවන් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට රටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාව ලැබිණි.
මෙම භාණ්ඩ ඇණවුම වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරයි. යනුවෙන් ශ්‍රී ලංකන් සමාගම සිංහල භාෂාවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව ඇති කරගත් ගිවිසුම් ගත බැඳීම් මත මෙම භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු රඳවා තබා ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

ධීවර ප්‍රජාව වෙනුවෙන් පත්කල රනිල්ගේ කමිටුවකට සජබ මන්ත්‍රීවරුන් තිදෙනෙක්

colombotoday

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

colombotoday

මහනුවර යළි සෙලවෙයි

colombotoday

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Admin