Colombo Today Local News

”පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේම නෑ” – ජනපති. “කැඳවන්නත් එපා” – නාහිමිවරුන්ට

තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව අවධාරණය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමාට නොමැති බව කියා සිටියි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කරමින් ඊයේ (අප්‍රේල් 24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවේ දීය.

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය එහිදී අවධාරණය කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිවයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ එහිදී පවසා තිබේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම එම අවස්ථාවට වැඩම කර ඇත.

Related posts

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

කුරුණෑගල මවුවරුන්ට කොළඹ ජාතික රෝහලේ දී සිදුකිරීමට ගිය පැලෝපීය නාළ පරීක්‍ෂාව විනිසුරු අත්හිටුවයි!

colombotoday

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

පොල් ගැහිල්ලත් රැල්ලට යයි.. එක්නැලිගොඩගේ බිරියත් පොල් ගසයි!

colombotoday

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව එයි.. අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගසා, රටත් ජාතියත් පෝරකයට

colombotoday