Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කරන්න ව්‍යාජ ලේඛනත් හදලා – ජනපති කොමිසමෙන් හෙළිවෙයි !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු වසන් කිරීම සඳහා ව්‍යාජ ලේඛන පවා සකස් කර ඇති බවට සැකයක් මතුව ඇතැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහන් කර තිබේ.

ඊයේ (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ මෙම පරීක්ෂණ කොමිසමේ සාමාජිකයන්  අතර පැවති හමුවේදී එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා උක්ත කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇත.  

ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් විසින් බරපතල ලෙස සැලකිල්ලට ගෙන නොමැති බවද කොමිසමේ සභාපතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව පරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කර ඇති සභාපතිවරයා කොමිසම විසින් මේ දක්වා සිදුකළ විමර්ශනයන්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදිව හඳුනාගෙන වගකිවයුත්තන් නීතිය හමුවට කැඳවීමට ක්‍රියා කළ යුතු බවයි. 

ඒ සඳහා කොමිසමට අවශ්‍ය පහසුකම් ලබා දීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබේ.

තමන් ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ආරක්ෂක කවුන්සිලය නියමිත පරිදි රැස් වූ බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක විය හැකි කරුණු සම්බන්ධයෙන් කඩිනම් අවධානයක් යොමු කළ බවද ජනාධිපතිවරයා කියා ඇත. 

පසුගිය පාලන සමයේ දී ජාතික ආරක්‍ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳවැටුණු බව පෙන්වා දී ඇති  ජනාධිපතිවරයා  එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි විනැ’යි පවසා තිබේ. 

කෙසේවෙතත් දැන් ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගන්නා අතර, මෙවැනි ප්‍රහාර නැවත සිදු නොවනු පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කර ඇති බව සඳහන්.  ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කර ගත යුතු යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඈත. 

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්.එම්.එම්. අධිකාරි යන මහත්වරුන් මෙම කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

lankanewsweb

Related posts

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කර ඇත්තේ කොටි හිතවාදී NGO පරපුටුවන් – විජේදාස MPO කාර්යාලය පතුරු අරී

colombotoday

යහපාලන දුෂණ විමර්ෂණ වාර්තාව ජනපති අතට… රාජිතට, අකිලට, සජිත්ට, කිරිඇල්ලට දූෂණ චෝදනා !

colombotoday

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් ගුටි කෑ පොස්පේට් සේවකයාගේ වැඩ තහනම් කරයි

Admin