Colombo Today Local News

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව අද (08 ) සිට එළැඹි පැය 48 ක නිහඬ කාල සීමාවේදී තරග කරන දේශපාලන පක්‍ෂ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනයට හේතු වන පරිදි ආගමික සිද්ධස්‌ථානවලදී හෝ පිටතදී ආගමික වතාවත් හෝ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන අයට එරෙහිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥ පනතේ විධිවිධාන අනුව ක්‍රියා කරන බවද සියලු පක්‍ෂ වෙත දැනුම්දී ඇත.

සියලුම ආකාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (07 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව ඉදිරි දින දෙක නිහඬ කාලයක්‌ ලෙස පැවතිය යුතු බව කොමිසම පවසයි.

නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව නොපමාව දිස්‌ත්‍රික්‌ මැතිවරණ කාර්යාල වෙත හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත සවිස්‌තරව දන්වන ලෙස සිවිල් සංවිධානවලින් හා පුරවැසියන්ගෙන් කොමිසම ඉල්ලා සිටී.

ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතුවලදී නීතිවිරෝධී ලෙස සිදු කළ රාජ්‍ය දේපළ අයුතු පරිහරණය, රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ භාවිත කරමින් මුදල්, ද්‍රව්‍යාධාර බෙදාදීම, විවිධ රාජ්‍ය උත්සව හරහා පක්‍ෂ හෝ අපේක්‍ෂක ප්‍රවර්ධනය කිරීම ඇතුළු ක්‍රියාකාරකම්වලට එරෙහිව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයිද ඡන්ද විමසීමෙන් පසුවද ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද කොමිසම පවසයි.

Related posts

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

colombotoday

ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීම යළි අත්තිටුවයි

colombotoday

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin

ශානි අබේසේකෙර එක්ව බොරු සාක්ෂි නිර්මාණය කල උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday

“නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ… මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ” – අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි

colombotoday