Colombo Today Local NewsHot News

නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ විදේශ ඇමති මංගලගේ පාටියේ.- නීතිය වල පල්ලට

yasantha kodagoda - mangala2015 දෙසැම්බර් මස 18 වන සිකුරාදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවති නත්තල් සාදයට ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පිරිසක් පැමිණ තිබුණි. මංගල ඇමති වරයා ට බලය නොමැති විට ඔහු සමග දුරකතනයෙන් වත් කතා නොකළ බොහෝ පිරිස් ඒ අතර විය. ඔහුට එරෙහිව රාජපක්ෂ පාලනයට කේලම් කියා මංගලව විනාශ කිරීමට තැත් කල පිරිස් ද  ඒ අතර විය. ඒ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායන් හා සදාචාරයන් සියල්ල බිඳ දමමින් නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ විදේශ ඇමති මංගලගේ පාටියේ ගත කිරීම පිලිබඳ සමහරුන්ගේ අවධානයට යොමු විය.

ඒ සමග FCID යේ ප්‍රධානියෙකු වූ පොලිස් නිලධාරියෙක්ද විය. එහිදී හිටපු  කුප්‍රකට මන්ත්‍රීවරයෙක් තමන්ට එරෙහිව ඇති දුෂණ චෝදනා වලින් බේරීම පිණිස නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ හා  FCID යේ ප්‍රධානියෙකු වූ පොලිස් නිලධාරියා සමග කල ගනු දෙනු ගැනද ඔහු ජනාධිපතිවරයා සමග ළඟදී ඇති හිතවත් කම වැඩි දියුණු කර ගැනීම පිණිසද උත්සහා දරනු ලැබිණ. එම  සාදය අවසන් වූ විගස ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් වූ සිය හිතවතාගේ ගෙදර පැවැත්වෙන වාර්ෂික පිරිත් පින්කමට සහභාගී වී මංගලගේ ගෙදර සිදු වූ බොහෝ දේ පිළිබඳව තොරතුරු ලබා දෙනු ලැබූ බව ඒ අවස්ථාවේ ඒ අසල සිටි අයෙක් colombotoday  වෙත දන්වා ඇත.

මෙම කරුණු සාවධානව අසා සිටි හිටපු ජනාධිපතිවරයා පසුගියදා අයවැය විවාදයේදී මේ ගැන ප්‍රකාශයක් ද  කරන ලදී. නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ  හා  FCID යේ ප්‍රධානියෙකු වූ පොලිස් නිලධාරියා මෙලෙස ඇමතිවරුන්ගේ නිවෙස් වල  රාත්‍රී සාද වලට සහභාගී වීම හා ඇමතිවරුන්ගෙන් ඍජු උපදෙස් ලබා ගැනීම මෙන්ම චුදිතයින් සමග සුහද වීම පිලිබඳ ඇති සදාචාර නොවන මෙන්ම නීති විරෝධී තත්වය පිලිබඳ යහපාලන ආණ්ඩුවක් වෙනුවෙන් සටන් කල සිවිල් ක්‍රියාකාරී නායකයෙක් මංගල ගේ ගෙදරදීම සිය හිතවතකු සමග කණගාටුවෙන් අදහස් ප්‍රකාශ කර ඇත. අගමැතිවරයා මෙම සාදයට පැමිණ නැති අතර එසේ පැමිණුනා නම් මේ නිලධාරීන්ගේ පැමිණීම පිලිබඳ විරෝධයක් ඔහු ඇති කරනු ඇති බවත් මෙම සිවිල් නායකයා සිය හිතවතාට පවසා ඇත.මෙම හිටපු මන්ත්‍රීවරයා හා ගනු දෙනු පිලිබඳ වැඩි විස්තර ඉදිරියේදී ඉදිරිපත් වනු ඇත.

Related posts

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

අපිත් කුණු කූඩෙට දාලා තිබුණේ – රවී කරුණානායක

colombotoday

“මාත් පත්තරකාරයෙක්.. රැහේ උන්ට මම සළකනවා“ – ජනපති

colombotoday

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි… එජාප බිම්මට්ටමේ පාක්ෂිකයාගේ මතය එයයි

colombotoday

ජනපති සිරිසේන ජනතා අපෙක්ෂාවලට පයින් ගැහුවා – දූෂණ විරෝධී හඩ

colombotoday

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday