Colombo Today Local News

නිමලව ආරාණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී හිමිවරුන් වතුර බොන ළිදට වස මුසු කරයි…

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පිහිටා ඇති අභය භූමිය ආසන්නයේම භාවනායෝගී භික්ෂුන්සේ වැඩ වාසය කරන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු නිමලව ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙනවා.

එහි ස්වාමීන්වහන්සේ පවසන්නේ කලක පටන් මෙම භූමි ප්‍රදේශය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී
ඇති බවයි.

වැලි ජාවාරමට අමතරව මෙහි දැව ජාවාරමක් ද සිදුවන බව වාර්තා වන අතර ජාවාරම්කරුවන් රජයෙන් යොදා තිබු දැන්වීම් පුවරු පවා ඉවත් කර තිබුනේ මෙම භූමිය අභය භූමියෙන් බැහැර කලාපයක් බව පෙන්වීම සදහායි.

භික්ෂූන්වහන්සේලා පවසන්නේ තමන්වහන්සේලාට මෙම ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජනයන් ද පැමිණි බවයි.

මරණ තර්ජනයෙන් ද ස්වාමීන්වහන්සේ නැවතිය නොහැකි වු තැන ජාවාරම්කරුවන් සිදුකර තිබුනේ භාවනායෝගී හිමිවරුන්ගේ පානීය ජලය ලබාගන්නා නල පද්ධතිය කඩා බිද දැමීමටයි.

ඉන් නොනැවතුණු ඔවුන් එම නල පද්ධතිය සම්බන්ධවන ළිඳ තුළට වස මිශ්‍රකර තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වූවා.

Related posts

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

දමිතා අධිකරණයට රැගෙන එයි

Admin

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ – ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday