Colombo Today Local News

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුමට සහභාගි නොවී වෙනත් සැමරුම්වලට සහභාගි වන ආසන සංවිධායකවරුන් ඉවත් කර නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

මේ අනුව අදාළ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමත් සමග ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව ආසන සංවිධායකවරුන් හඳුනාගැනීම සඳහා පක්ෂය විසින් දැනට ආරම්භකර ඇති සම්මුඛ පරීක්ෂණ යොදා ගැනීමටද පක්ෂ නායකත්වය තීරණය කර ඇති බවද වාර්තා වේ.

පොදුවේ ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සහ ආසන සංවිධායකවරුන් සියලු දෙනාද මැයි මාසය තුළ ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනත් මැයි දින රැලියකට සහභාගි වුවහොත් පක්ෂ අනුශාසක තනතුරෙන් ඉවත් කිරීමටද පක්ෂය සැලසුම් කර ඇත.

Related posts

දකුණු කොරියානු යුද නැවක් වසර 6කට පසු කොළඹ වරායට සේන්දු වෙයි

Admin

ආණ්ඩුවට එරහි විශ්වාසභංගයට සහය දීමට මහින්ද තීරණය කරයි.

colombotoday

දුම්රිය පාපුවරුවේ ගමන් අද පටන් තහනම්

colombotoday

සබීතාගේ බිල්ඩිමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වහාම ඉවත් කරගන්නැයි ජනපති දන්වයි

colombotoday

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday