Colombo Today Local News

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

හොරණ වගවත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට වැඩ ආරම්භ කළ ටයර් කර්මාන්ත ශාලාව සදහා ඉඩම් ලබාදීම ආයෝජන මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

නන්දන ලොකුවිතාන මහතා ආයෝජන මණ්ඩලය සමඟ අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ ඉඩමේ වැඩ කටයුතු ආරම්භ කරන බව ආරංචි වීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ආරක්ෂක අංශ නිලධාරීන් 100 දෙනකුට ආසන්න පිරිසක් අදාළ ඉඩම වෙත යවා ඇත. කෙසේ වෙතත් එම ක්‍රියාකාරකම් ආරම්භ වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලය ඔස්සේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවට සටහනක් යවා තිබියදීය.

නන්දන ලොකුවිතාන මහතාගේ ටයර් සමාගමට අක්කර 100 ක් බද්දට දීමෙන් ආයෝජන මණ්ඩලයට පාඩුවක් සිදුවන බව ද ජනාධිපතිවරයා දන්වා ඇතැයි වාර්තා වේ. මේ අතර තවත් ආයෝජකයන් මෙම ඉඩම සඳහා ඉහළ මිල ගණන් කැඳවා තිබියදී ඊට අඩු මුදලකට මෙලෙස නන්දන ලොකුවිතාන මහතාට අදාළ ඉඩම ලබා දී ඇතැයි ද වාර්තා විය.

ටයර් කර්මාන්ත ශාලාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මුල් ගල තැබුණු අතර අගමැතිවරයා මුල් ගල තැබූ ජනවාරි 5 වැනිදා තෙක් ආයෝජකයා කවුරුන්දැයි නොදැන සිට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් දා මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන් වගකීම බාරගත යුතු බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම අවස්ථාවේදී කීවේය.

ඊට පසු දිනයේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය වැරැදි බව සඳහන් කරමින් සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් ද නිකුත් කළේය.

ඉඩම නිවැරැදි මිල ගණන්වලට ලබා දී ඇතැයි ද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඉඩම නැවත ඇගයුම් කෙරෙන බව කැබිනට් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මෙම ඉදිකිරීම හා කර්මාන්තශාලාව සඳහා දෙන බදු සහන සම්බන්ධයෙන් ද තවමත් නිශ්චිත සඳහනක් කර නොමැත.

මූලාශ්‍රය – ලංකාදීප

Related posts

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

colombotoday

ලංගමේ මළගම අත ළගයි… මට්ටක්කුලිය සහ තවත් ඩිපෝ කිහිපයක් විකුණා දැමීමේ සූදානමක්!

colombotoday

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.

colombotoday

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday