Colombo Today Local News

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයේ නියුතුව සිටි සේවකයන් තමන් වරාය අධිකාරියේ සේවයට බදවාගන්නා ලෙස ඉල්ලමින් දින හැටක් පුරා අඛණ්ඩව කරගෙන ගිය විරෝධය හා දින එකොළහක් පුරා කරගෙන ගිය මාරාන්තික උපවාසය අද අත්හරිනු ලැබීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 30 වැනිදා සිට තම රැකියා අහිමිවීමත් සමග මෙම සේවකයන් පිරිස විරෝධතාව ආරම්භ කළේය.

පසුගිය 17 වනදා එම ස්ථානයට පැමිණි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මැදිහත්වීමෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරව සේවකයන් 438 දෙනා අතරින් 138 දෙනෙකු වරාය අධිකාරියට බදවාගැනීමටත්, ඉතිරි සේවකයක් හට ලක්ෂ 10කට වැඩි වන්දි මුදලක් ලබාදීමේ පොරොන්දුව මත තම උපවාසය අත්හැරි බව වරාය සේවකයෝ පවසති.

Related posts

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

ලංකා සතොස ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශ කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

පහළම තැන සිට වැඩ අරඹයි.. ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදෙන්නැයි ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියයි.

colombotoday

අලුත් මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක්.. එය අපේ ආණ්ඩුවෙන් ජාතියට කල බලවත් වරදක් – ඇමති වජිර අබේවර්ධන

colombotoday

නයි දෂ්ඨනයකදී කලයුත්තේ කුමක්ද?

colombotoday

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday