Colombo Today Local News

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

තම පක්ෂය පසුගිය ඡන්ද සදහා ගාල්ලට ගෙන ආ විවිධ පැරෂුට් කාරයින් අද සිටින්නේ කොහේදවත් නොදන්නා බවත්, මෙවරද එසේ පැරෂුට්කාරයින් ගෙනාවොත් ජනතාව සමග අරගල කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ ගාල්ලේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ ඊයේ(08) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම තම පක්ෂයේද අර්බුද තිබෙනවා. නමුත් මෙවර මැතිවරණයේදීත් පැරෂුට්කාරයන් ගෙන ආවොත් ජනතාව සමග එක්ව අරගල කරන්න මට සිද්ද වෙනවා. 2009 පළාත් සභා මැතිවරණයේදි අනර්කලි සහ සජින් වාස් ගුණවර්ධන වැනි පැරෂුට් කාරයින් ගාල්ලට ගෙනෙන ලද නමුත් තමන් ඔවුන් සමග සටන් කොට ජයගත්තා. අද ඔවුන් සිටින්නේ කොහේද කියලාවත් දන්නේ නැහැ. මෙවරද එසේ පැරෂුට්කාරයින් ගෙනාවොත් ජනතාව සමග අරගල කරනවා.”

“ඒ නිසා ඉදිරි මැතිවරණයේදී මොන නළුවන්, නිළියන්, ක්‍රීඩකයින් ගෙනාවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මම ජයගන්නවා. මේ වනවිට රටේ ප්‍රධාන පක්ෂය බවට පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් නොව පොදුජන පෙරමුණයි.” පොහොට්ටුව දිනන ලකුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් තමා මහින්ද රාජපක්ෂ මහතා යටතට යන බවත් මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේය.”

Related posts

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයි

Admin

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ අදත් CIDය මඟහරී

colombotoday

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

Admin

අවුරුදු තුනක දැරිය පිලීස්සූ පියා අත්අඩංගුවට

Admin