Uncategorized

නාවික හමුදාවට කින්නියාවේදී එල්ලවූ ප්‍රහාරය පිටුපස නාගරික මන්ත්‍රීවරයෙක්…

අනවසරයෙන් මහවැලි ගගේ වැලි ගොඩදමන පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවුක හමුදාව කටයුතු කරමින් සිටියදී ත්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති විය.

නාවුක හමුදාව ඇති වූ තත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමක්ද සිදු කර ඇත.

නීති විරෝධිව වැලි ගොඩදමා ප‍්‍රවාහනය සූදානමින් තිබූ ටිපර් රථ දෙකක් නාවුක හමුදා අත්අඩංගුවට ගෙන වැලි කැනීමී වැළැක්වීම සදහා කටයුතු කරද්දී මෙම තත්වය ඇතිව තිබේ.

මෙම ගටුම හේතුවෙන් නාවුක හමුදාවේ 12 දෙනෙකුට තුවාල ලබා ඇති බවත් 04 දෙනෙකුට බරපතල බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටී.

මෙම ප‍්‍රහාරය ප‍්‍රදේශයේ නාගරික මන්තී‍්‍රවරයකු විසින් මෙහෙයවා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. ප‍්‍රකෝප වූ පිරිස වැලි ගොඩදැමීමට යොදාගන්නා සවල් හා පොලූ ආදිය ගෙන මෙම පහර දීම සිදුකර ඇත.

Related posts

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

Chisini Silva

colombotoday

“මහ රජාව ජනෙල් පඩියේ එල්ලුවා වගේ තෝව පොළොන්නරුවේ වෙලේ හිටවනවා”

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය – පුතු දෙදෙනාට ඇප

colombotoday