Colombo Today Local News

මම ග‍්‍රාමසේවක කාලෙත් ගමේ අරක්කුකාරයන්ට හා කසිප්පුකාරයන්ට මාව හිසරදයක් වුණා

ගෙවුණු වසර තුනහමාරේ පොලිසියේ වැඩ ගොඩාක් අතපසු වෙලා
 මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බේරා ගැනීමට පුනරුත්ථාපන අධිකාරියක් පිහිටුවනවා

 මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බේරා ගැනීම සඳහා පුනරුත්ථාපන අධිකාරියක් පිහිටුවීමට අදාළව අද අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර එය කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (28 වැනිදා) ප‍්‍රකාශ කළේය.

 නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමේ දී විශේෂතා දැක් වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරෙන ජනාධිපති ප‍්‍රශංසා සම්මාන උලෙළේ දී ජනාධිපතිවරයා එසේ කීය.

 කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති එම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

 පොලිස් දෙපාර්තමේන්තුවට වසර 152 ක පමණ දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ. එහෙම නම් අපි පොලිස් දෙපාර්තමේන්තුව අලූත් කරන්න ඕනෑ. සාමාන්‍යයෙන් කියනවා පරණ බඩුමුට්ටු තියන කොට අල්මාරි ඇඳන් පුටු මේස මේවා හු`ගක් පරණ වෙලා පුස් කාලා මකුණොත් බෝ වෙලා. ඒක නිසා පොලිෂ් කරලා ගන්න ඕනැයි කියලා. ඒ කියන පොලිෂ් මොකද්ද කියලා ඔබ දන්නවා. ඒ කියන්නේ තීන්ත ගානවා. ලස්සන කරනවා. කොහොමද පොලිස් දෙපාර්තමේන්තුව ලස්සන කරන්නේ. පොලිස් දෙපාර්තමේන්තුව දැනට වඩා ජනතාවට ආකර්ෂණීය වූත් ගෞරවනීය වූත් සේවාවක් සලසන දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්නේ කෙසේද? ඒ සඳහා අපි කැප විය යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් කළ යුතු වෙනවා. මම පොලිසිය භාර අරගෙන දැන් මාස දෙක හමාරක් පමණ වෙනවා. මේ දෙක හමාරෙදි මට පුදුමයි මම පොලිසිය තුළ දැක්ක දේවල්. පොලිසිය ශක්තිමත් කරන්න පොලිසිය වෙනස් කරන්න පොලිසිය නව තාක්ෂණයට යොමු කරන්න අපරාධ පාතාල නීති විරෝධී කටයුතු මර්දනය සඳහා පොලිසිය ශක්තිමත් කිරීමට පසුගිය දශක තුනක හතරක පමණ කාලය තුළ ගත යුතු තීන්දු තීරණ අරගෙන නැහැ. අවශ්‍ය නීති සංශෝධනය කරලා නැහැ. අවශ්‍ය අලූත් නීති පනත් සම්මත කරලා නැහැ. ඒ කටයුතුවලින් අඩක් මේ මාස තුනේදී මා අවසන් කර තිබෙන බව ඉතාමත් සතුටින් කිව යුතුයි.

 පොලිසිය ශක්තිමත් කරනවා කියන්නේ කුමක්ද? රටේ නීතිය හා සාමය, විනය, ශීලාචාරකම. දූෂණයෙන් වංචාවෙන් අක‍්‍රමිකතාවෙන් තොර බව ගොඩනැ`ගීම පොලිසියේ පුළුල් කාර්යභාරය බවට පත්ව තිබෙනවා. ඒ සඳහා අපි කැප විය යුතු වෙනවා. එහි දී අපට බොහෝ අභියෝග තිබුණත් ඒ සියලූ අභියෝග ගැන මා මේ අවස්ථාවේ කතා කරන්නේ නැහැ. අපි වගේම ලෝකයේ මුළුමහත් මානව ප‍්‍රජාව මුහුණ දී තිබෙන්නා වූ ප‍්‍රබල අභියෝගයක් පිළිබඳවයි අපි කතා කරන්නෙත්, විසඳුම් දෙන්නෙත් ඒ අභියෝගය ජයගැනීමට කැප වූ සියලූ දෙනාට ගරු සම්මාන දීමටයි අපි අද එක් වූයේ.

 මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳව මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් ඉතාම දීර්ඝකාලීනයි. ඔබ දන්නවා මම රාජ්‍ය සේවයේ ඉතාම පුංචි ම තැනක සිටි කෙනෙක්. ඒ රාජ්‍ය සේවයේ පුංචි ම තැන ඉන්න කොටත් ගමේ කසිප්පුකාරයන්ට අරක්කුකාරයන්ට ගංජාකාරයන්ට මාව ලොකු හිසරදයක් වී තිබුණා.

 ජනාධිපති ධුරයට පත් වී අවුරුදු 4ක කාලසීමාව තුළ දීපව්‍යාප්ත ව සියලූ මැති ඇමැතිවරු, සියලූ අමාත්‍යාංශ, පාසල් දරුවෝ, රටේ පුරවැසියන්, රාජ්‍ය නොවන ආයතන මේ සියල්ල එක්කර ගනිමින් පුළුල් වැඩපිළිවෙළක් මා ක‍්‍රියාත්මක කරා. එයට ඔබ සෑම කෙනෙක්ම දුන්න සහයෝගය මා ඉතාමත් අගය කරනවා.

 නීති විරෝධී හසීස්, කොකේන්, මරිජුවානා වැනි ඉතා විෂ මත්ද්‍රව්‍ය මර්දනයේ දී ඔබ ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. ඒ ජීවිත පරිත්‍යාග කළ සියලූ දෙනාම මා මේ අවස්ථාවේ දී සිහිපත් කරනවා. ඔවුන්ට මා ගරු කරනවා. ඔබ ඔබේ අතපය නැති කරගෙන තිබෙනවා, පවුල් ජීවිත විනාශ කරගෙන තිබෙනවා, පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වය විනාශ කරගෙන තිබෙනවා. ඒ සියල්ල තුළ ඔබ අභියෝගාත්මක මේ පුළුල් ජාතික කර්තව්‍යයට උරදීලා කැපවෙලා ජීවිත පරිත්‍යාගයෙන් ඔබ සේවය කරනවා. ඒ නිසා විශේෂයෙන් ම නාකොටික්ස් නීති විරෝධී මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කරන ඒ සියලූ දෙනා ප‍්‍රමුඛ ව මුළු පොලිස් දෙපාර්තමේන්තුවේ, ඒ වගේම යුධ, නාවික, ගුවන්, රේගු, සුරාබදු, වන සංරක්ෂණ අනිත් ආයතන ඒ සියල්ලේ සේවය කරන සෑම කෙනකුට ම මුළු මහත් ජාතියේ ගෞරවය හා ප‍්‍රණාමය මා ජනාධිපතිවරයා විදියටත් පෞද්ගලිකව පුරවැසියෙක් විදියටත් ඔබට අද දවසේ ඉතා නිහතමානී ලෙස මා පිරිනමනවා.

 පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන සෑම කෙනකුටම ස්ථාන මාරු වීම් ලබාදීමේ ක‍්‍රමවේදයක් තිබිය යුතුයි. යම් කිසි පොලිස් නිලධාරියකුට වාර්ෂික ස්ථාන මාරුවීම් ක‍්‍රමවේදය ද, ප‍්‍රතිපත්තිමය ස්ථාන මාරුවීම් ක‍්‍රමවේදය ද, ඊට අනුකූලව කරන්නා වූ ඒ ස්ථාන මාරුවීම් වගේම ඉන් බාහිර ව ඒ තුළ හෝ කරන්නා වූ ස්ථාන මාරුවීම් කිරීමේ දී ඒ ස්ථාන මාරු කිරීමට හේතු ව ස්ථාන මාරුවීම් ලිපියේ ම ස`දහන් කළ යුතුයි කියලා මම විශේෂයෙන් ම නියෝගයක් නිකුත් කරනවා. එසේ කරන්නේ ඔබට අවංකව සේවය කරන්නයි. ඔබ අවංක ව සේවය කරන්න. ඔබ සෘජු ව සේවය කරන්න. මම මේ තනතුරේ සිටින තෙක් මම ඔබව ආරක්ෂා කරනවා.

 රාජකාරි කටයුතු සිදුකිරීමේදී වංචාව, දූෂණය, සොරකම, අපරාධ, පාතාල, මත්කුඩු ආශ‍්‍රිත දූෂිතයන්ගේ අනුදැනුමෙන් ඔබට ස්ථාන මාරුවක් ආවොත්, නැත්නම් ඔවුන් ඔබට පෞද්ගලික ජීවිතයට තර්ජනයක් වෙනවා නම් ඒවා පෞද්ගලිකව මට දන්වන ක‍්‍රමයක් මම හදනවා. මත්ද්‍රව්‍ය දැනුම් දෙන්න 1984 සකස් කළා වගේම පොලිසියේ එවැනි තත්ත්වයන් දැනුම් දෙන්නත් මම විශේෂ ඒකකයක් පිහිටුවනවා. ඒ නිසා ඔබේ වගකීම ඔබ අවංකව ඉෂ්ට කරන්න. ඔබ කිසිවකුටත් බය වෙන්න එපා. මත්ද්‍රව්‍ය මර්දනයේ තිබෙන බරපතළකම ඔබ දන්නවා. විදේශීය ජාවාරම්කරුවන් මීට සම්බන්ධ වී සිටිනවා. පසුගිය දිනවලත් ඔබ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ලෝකයේ ප‍්‍රබල රටවල්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වගඋත්තරකරුවන් වී සිටින බව ඔබ දන්නවා. අද ලෝකයේ රටවල් නව නීති සැලසුම් සකස් කරනවා. මා පසුගිය දිනවල කළ සිංගප්පූරු සංචාරය, පිලිපීන සංචාරය ගැන සමහරු මාධ්‍ය තුළ මාව විවේචනය කරනවා පිටරට යනවා වැඩියි කියලා. මම විදේශවලට යන්නේ මගේ ඉල්ලීමට නෙවෙයි. මට එන ආරාධනාවලට අනුවයි. මම ජනාධිපති ලෙසට පත්වූවාට පසු අද වෙනකම් එක දවසක්වත් මගේ උවමනාවට මම රට ගිහින් නැහැ. ඒ මුළු වසර 04ටම මම පසුගිය දෙසැම්බර් මාසේ විතරක් මගේ දරුවන් එක්කගෙන ගියා නත්තලට සතියක් විවේක ගන්න. අනෙක් ගිය සියලූ විදේශ සංචාර ඒ රටවල්වල ආරාධනා අනුවයි ගියේ. එහෙ ගියාම වියදම් ඒ රටෙන්.

 පිලිපීනයේ සහ සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා. මා සහ මගේ නියෝජිත පිරිස. ඔබේ නිලධාරිනුත් ඒ ගමන්වලට සහභාගි වුණා. මම සිංගප්පූරු නිලධාරීන්ගෙන් සහ පිලිපීන නිලධාරීන්ගෙන් ඇහුවා හසීස්, කොකේන්. මර්ජුවානා යන මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ ගැන. ඔබ දන්නවා කනගාටුවෙන් වුවත් කිව යුතුයි. කිසිදු අධි තාක්ෂණික උපකරණයක් අපි සතුව නැහැ. ඒවා හඳුනා ගැනීමට. මට පුදුමයි මේ රටේ පොලිසිය භාරව එදා මෙදා තුර කටයුතු කළ ඇමැතිවරුන් ඒ ගැන නොතැකූ එක ගැන. අපේ රටේ නීති විරෝධී පළමුවැනි විෂ මත්ද්‍රව්‍ය හමුවුණේ 1983 දී. එදා මෙදා සිට එය කොතරම් වර්ධනය වෙලා තිබෙනවාද. හැබැයි 83 සිට මේ දක්වා මෙතරම් මුදල් අවශ්‍ය, අනවශ්‍ය හැමදේටම මුදල් වියදම් කළ ආණ්ඩු තිබුණ රටක මේ නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම ස`දහා ලෝකයේ භාවිතා කරන අධි තාක්ෂණික උපකරණ මේ රටේ එකක්වත් නැහැ. කන්ටේනර් පරීක්ෂා කරන්න, බෝට්ටු පරීක්ෂා කරන්න, වරායෙන්, ගුවන් තොටුපළෙන් එන ඒවා බලන්න අධිතාක්ෂණික උපකරණයක් නැහැ. ඒවා නොමැතිව තමයි මේ වීරයන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අල්ලලා ජාතියේ වගකීම ඉටු කරන්නේ.

 ඒ උපකරණ තිබුණා නම් අපේ නිලධාරීන් කොයිතරම් දක්ෂ විදියට මෙම කාර්යයන් ඉටුකරයි ද? කොයිතරම් වැදගත් විදියට එය කරයි ද? එහෙම නම් මම හිතනවා මේ රටෙන් මත්ද්‍රව්‍ය අතුගාලා දාලා ඉවරයි. ඒ නිසා 80 දශකයේ මුල් භාගයේ සිට සෑම රජයක්ම වගකියන්න ඕන මේ රටේ මේ පවතින මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට. ඒ අධිතාක්ෂණික උපකරණ පිළිබ`ද මම තොරතුරු දැනගත් වහාම මම මගේ ආරක්ෂක ලේකම්වරයාට ඒ රටේ සිට දුරකථන ඇමතුම් දීලා කිව්වා මේ උපකරණ ස`දහා වහාම මිල ගණන් කැ`දවන්න, වහාම තොරතුරු ලබාගන්න, හැකි පමණ ඉක්මනින් මේවා අපේ නිලධාරීන්ට ලබාදිය යුතුයි කියලා. ඒ නිසා අපි මේ කටයුතුවලට දියයුතු ප‍්‍රමුඛත්වය සැමවිටම ලබාදෙනවා. නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය දිය යුතුමයි.

 අපි මානව හිමිකම් රකින ආණ්ඩුවක්. පොලිස් දෙපාර්තමේන්තුව මානව හිමිකම් රකින දෙපාර්තමේන්තුවක්. නමුත් අපරාධකාරයන්ට මානව හිමිකම් පෙන්වලා ඔවුන්ව ආරක්ෂා කරන්න යනවා නම් ඒ අය ජාතියේ ද්‍රෝහියෝ කියන එක මම ඉතාම පැහැදිළිව කියන්නට ඕන. අපි නීති රීති ශක්තිමත් කරනවා, ද`ඩුවම් දෙනවා, වගේම අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා මේ රටේ සමස්ත මහජනතාවගෙන්, සෑම දෙමාපියන්ගෙන්ම, මත්ද්‍රව්‍ය මර්දනය කර ඇති රටවල්වල ඇති නීති රීති අනුව වයස 20 ට අඩු තරුණ පිරිස්වලට රාත‍්‍රි 10 න් පසු කිසිම කෙනකුට කල්ලි, කණ්ඩායම් වශයෙන් නිකරුණේ රැෙ`දන්න බැහැ. ඒකට හේතුව මත්ද්‍රව්‍යවලට  ඇබ්බැහි වීම. ඒ රටවල ඇඳිරි නීතිය නැහැ, හදිසි නීතිය නැහැ. නමුත් රාත‍්‍රී 10 න් පසු විශේෂයෙන් වයස 20 ට අඩු අයට කල්ලි කණ්ඩායම්වලට වගකීමක්, කිසි වැඩක් නැතිව හැසිරෙන්න පුළුවන්කමක් නැති නීති රීතිත් දාලා තිබෙනවා. දෙමවුපියනි, දරුවනි, රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීනි, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලදරුවනි අද ඔබේ දරුවා, හෙට තවත් කෙනෙක්ගේ දරුවා මේ මත්ද්‍රව්‍යයේ ගොදුරක් විය හැකියි. ඒ නිසා පොලිසිය සහ මත්ද්‍රව්‍ය මර්දනයට අදාළ සියලූ ආයතන මේ කටයුතු කරන්නේ තමාගේ ලෙයින් බිහිවූ තමාගේ දරුවා ආරක්ෂා කරන්නා සේ මේ රටේ සමස්ත දරුවන් ආරක්ෂා කර ගැනීමටයි. ඒ වගකීමයි මේ සෑම කෙනෙක්ම ඉටු කරන්නේ. ඒ නිසා දෙමවුපියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ හවසට, රාත‍්‍රියට දරුවෝ කොහෙද යන්නේ කියලා. උපකාරක පංතිවලට ගියාම දරුවෝ කොහෙද යන්නේ කියලා, දරුවන්ගේ ගමන් බිමන් පිළිබ`දව, දරුවන් ගෙදර ආවාද, කාමරේ ඉන්නවද, නිදිද කියා සොයා බලන්න ඕනෑ. දැන් දෙමවුපියන් ඒ වගකීම පැහැර හරිනවා. ඒ නිසායි මම ඒ ඉල්ලීම මේ රටේ සමස්ත දෙමවුපියන්ගෙන් ඉල්ලන්නේ. මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නවා ලක්ෂ 16 ක්. මුළු ජනගහනය මිලියන 21 කට ආසන්නයි. රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කම්කරුවා දක්වා මේ වෙනුවෙන් කළ හැකි කාර්යයන් බොහෝයි. අපි මීට වසර දෙකකට පෙර චක‍්‍රලේඛ නිකුත් කර තිබෙනවා. ඒවා වරින් වර අලූත් කර තිබෙනවා. සෑම අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම, පාසලකම, මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් හදන්න, මාසෙකට සැරයක් එකතුවෙන්න, කාර්යාලයේ කාර්ය මණ්ඩලය මතින් නිදහස් කර ගන්න, මතින් නිදහස් රටක් ගොඩනගන්න මේ පුළුල් වැඩපිළිවෙළේ දී සමස්ත රාජ්‍ය සේවයේ සියලූ නිලධාරීන්ට ඇත්තේ පුළුල් වූ වගකීමක් සහ යුතුකමක්. මම විශ්වාස කරනවා ඒ වගකීම සහ යුතුකම පෙර දා කළාටත් වඩා ඉදිරියේ දී අද ආරම්භවන නව වැඩපිළිවෙළක් එක්ක තවත් ශක්තිමත් වේවි කියලා.

 ඒ වගේම මත්ද්‍රව්‍ය නිසා කාන්තාවන්ට දරුවන්ට සිදුවන හිරිහැර ගැන ඔබට මා පැහැදිළි කළ යුතු නැහැ. පවුල් ජීවිත විනාශවීම, දුගී බව ඇතිවීම, රෝගීවීම, සමාජය ප‍්‍රතික්ෂේප කිරීම, පිළිකුල් කිරීම, වගකීම්වලින් බැහැරවීම ආදී සියල්ල මත්ද්‍රව්‍ය භාවිතයේ ප‍්‍රතිඵල බව ඔබ දන්නවා. මම හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා නව අමාත්‍ය මණ්ඩල සංදේශයක්. විශේෂයෙන්ම අපි මේ කරන මත්ද්‍රව්‍ය මර්දනය පාලනය කියන පැත්ත වගේම නිවාරණය පැත්තේ දී අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය පුනරුත්ථාපනය කරන කඳවුරු ඉතා සීමිතයි. රජයේ කිහිපයක් තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල කිහිපයක් තිබෙනවා. භික්ෂූන් වහන්සේ කිහිපනමක් කරන කඳවුරු තිබෙනවා. නමුත් සිඟිත්තාට පවා බලපැම් කරන මේ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බේරා ගැනීම ස`දහා පුනරුත්ථාපන අධිකාරියක් පිහිටුවීමට මම හෙට අමාත්‍ය මණ්ඩලය තුළ දී යෝජනාවක් සම්මත කරගෙන ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

 එහිදී විශේෂයෙන් කායික, මානසික වෛද්‍යවරුත් අදාළ විද්වතුන් විශේෂඥයන් ගෙන් සමන්විත පුනරුත්ථාපන අධිකාරියක් ඉදිරියේ දී බිහිකරන බව සඳහන් කිරීමට කැමතියි. මේ සියලූ කාර්යයන්වලදී ඔබේ සේවය මා ඉතාමත් අගය කරනවා. මම කිව්වා පොලිසිය විතරක් නෙවෙයි, ත‍්‍රිවිධ හමුදාව, රේගු, සුරාබදු, වෙරළ සංරක්ෂණ ආදී සියලූ ආයතනවල මේ කැපවීම තිබෙනවා. අද ඔබට මේ ගෞරව සම්මාන දෙන්නා සේ ම ඉදිරි සති දෙකකින් අනෙකුත් ආයතනවල මේ කාර්යයන්වල නියැලී සිටින නිලධාරීන්ට මෙවැනි වැඩසටහනක් තුළින් ඔවුන්ට ජාතියේ ගෞරවය හා ප‍්‍රණාමය පුදකිරීමට මා බලාපොරොත්තු වෙනවා. මත්ද්‍රව්‍ය මර්දනයට එදා සිට අද දක්වා කැප වූ ඒ සෑම කෙනෙකුගේම නම් කියන්න මම කාලය ගන්නේ නැහැ. සමහරු විශ‍්‍රාමිකව ජීවතුන් අතර සිටිනවා. සමහරු ජීවතුන් අතර නැහැ. ඒ සෑම කෙනෙක්ම මම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් අද මෙතෙනට ගෙනවිත් සම්මාන සහතික නොදුන්නත් ශ‍්‍රී ලංකා රජයේ් ගෞරවය හා ප‍්‍රණාමය පුදකරනවා.

 අද මේ වැඩසටහනේ දී පොලිස්පතිතුමා ඇතු`එ නිලධාරීන් නායකත්වය ගෙන කටයුතු කිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට නායකත්වය දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාගේ කාර්යභාරය රටට ලොකු ආදර්ශයක්. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා වැනි අය. තව අයගේ නම් මම කියන එක සුුදුසු නැහැ. ඒ නිසා ඒ සියලූ දෙනාට අපි වීර පදක්කම් දෙන්නේ ගරු කරන්නේ ඇගැයීමට ලක් කරන්නේ ඔවුන්ගේ නායකත්වය තුළ මේ කාර්යයන් ඉටු කිරීම නිසායි. ඒ නිසා මෙම කාර්යයේ දී ඔබ දී ඇති සහය මම එක් වරක් නොව සිය වරක් නොව දස දහස්වරක් ඔබට ගරු කරමින් ජාතියේ ගෞරවය හා ප‍්‍රණාමය ඔබට පුද කරනවා.

 මෙතනට ආපු මැති ඇමැතිතුමාලා කිව්වා මීට පෙර අපි කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ. පළවැනි වතාවට අපි මෙහෙම දෙයක් දැක්කේ කියලා. මම මේ දේ කරන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට ගරු සම්මාන දෙන්න විතරක් නෙවෙයි. පොලිසියේ ගුණාත්මක බව වැඩි කරන්න, උසස් ප‍්‍රමිතියකට ගෙන ඒම සඳහා කරන මූලික වැඩසටහන්වල විශේෂ අවස්ථාවක විදියටයි මා දකින්නේ. අද පොලිස් දෙපාර්තමේන්තුවට විශේෂ දවසක්.

Related posts

ඝන සෙන්ටිමීටරයේ පටන් බදු අයකෙරෙන කාබන් බද්ද හෙට සිට ක්‍රියාත්මකයි

colombotoday

මඩකලපුවේදී මුස්ලිම් දෙදෙනෙක් දෙමළ දැරියන් දෙදෙනෙක් පැහැරගෙන හවුලේ කෙළෙසයි.. නඩු නෑ.. මඩකලපුවේ දැන් එහෙමයි

colombotoday

චීන එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යයි.

colombotoday

යාපනයේ ජීව මෝටාර් උණ්ඩය පුපරවයි

colombotoday

බැදුම්කර වෙන්දේසිය අතරතුර අර්ජුන් මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිහින්

colombotoday

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

colombotoday