Colombo Today Local News

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

පසුගිය ඉරිදා (04) ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන්  පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී.  

දුරකථන අංකය – +961 5769585

විද්‍යුත් තැපැල් ලිපිනය – slemb.beirut@mfa.gov.lk

Related posts

පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අද…

Admin

හල්ලොලුව කර ඇත්තේ බොරුවක්.. සභාපතිකමෙන් ඉවත් කළේ ගිය මාසයේ… ලිපිය මෙන්න !

colombotoday

අත්අඩංගුවේ ඉන්න මධුෂ්ට ඩුබායි හෝටලයෙන් මසකට ලක්ෂ 30ක්

colombotoday

හොරොව්පතානේ අරාබි පාසලක දරුවන්ට ඉගැන්වූ අන්තවාදී දේශන ඇතුලත් සීඩි 46ක් අත්අඩංගුවට

colombotoday

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය අමාත්‍යයක ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් රැකියා දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday