Colombo Today Local News

පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අද…

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබද දෙදින පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

අද(22) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයේ පළමු දිනය වූ ඊයේ(21)දිනයේත් මන්ත්‍රිවරුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණ කළ අතර ආණ්ඩු පාර්ශවය ඊට ප්‍රතිචාර දැක්වුවේ ය.

විපක්ෂයේ චෝදනාව වූයේ ප්‍රහාරයට අදාළ සාක්ෂි, දත්ත හා සාක්ෂිකරුවන් බොහොයමක් මේ වනවිට වසන්කර ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්විමින්, සංවාදයට ලක් වූ අබුහිම්, සොනික් යන පුද්ගලයින් පිළිබදව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළේ ය.

අද දිනයේත් පාස්කු ඉරිදා ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

Related posts

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගිනිඅවියක් සමග STF දැලේ

colombotoday

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන විපක්ෂ  නායක මහින්දගේ අදහස…

colombotoday

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

බැදුම්කර බෑණාගෙන් කෝටි 84ක අරක්කු පොල්ලක් !! (Video)

colombotoday