Colombo Today Local News

රාජ්‍ය අමාත්‍යයක ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් රැකියා දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් පුද්ගලයන්ට රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලුතින් ඉදිකර දෙන මැනිං වෙළෙඳපොළේ කඩ කාමර ලබාදෙන බවට සඳහන් කරමින්, අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතන සහ තානායම් වෙන් කර දෙන බවට පවසා සහ කැනඩාවේ රැකියා ලබාදෙන බවට පවසා මොවුන් මෙම වංචාව සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

සැකකරුවන් මෙම ලිපි ශීර්ෂ භාවිතා කරමින් ලිපි සකස් කර වත්තල ජා ඇල සහ අවට ප්‍රදේශවල පුද්ගලයන් ගෙන් මුදල් වංචා කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

ඔවුන් භාරේ තිබී විවිධ පුද්ගලයන්ගේ ගමන් බලපත්‍ර 98 ක් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් සෙසු සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය සහ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

හිටපු නීතිපති දප්පුලගෙන් පෙත්සමක්

Admin

අසාත් සාලි ඉවතට !!

colombotoday

Video : මහින්දගේ කුමන්ත්‍රණ චෝදනාවලට බොදු බල සේනාවෙන් පිළිතුරු !

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !

colombotoday

හාල්මැස්සන් රු.5කින්, පරිප්පු 10කින්, සීනි 2කින් අඩුවෙයි.. අන්තර්ජාල බදු 25%කින් වැඩිවෙයි

colombotoday