Covid 19

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා ආසාදනය වෙයි

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු මෙලෙස ආසාදිතයකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න අදහස් කලේ.

පසුගිය සිකුරාදා ඔහු කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් පැමිණි පසු උණ රෝගය ඇති වීමේ හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

Related posts

ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105කට කොවිඩ්

colombotoday

තවත් කොරෝනා මරණ 156 ක්

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% කට රෝග ලක්ෂණ නැහැ

colombotoday

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday