Colombo Today Local News

තම අවසන් කටයුතු ගැන සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත! (Video)

අපවත් වීමට කලකට පෙර  අතිපූජනීය මාදුළුවාවේ සෝභිත හිමියන් තමන් වහන්සේගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ප්‍රකාශ කළ හැටි.

“මා වෙනුවෙන් උත්සව පවත්වනවටත් මං කැමති නෑ. මා වෙනුවෙනක් කාගෙන්වත් මොකුත් ඉල්ලනවට මම කැමතිත් නෑ. මම කැමති නෑ මං වෙනුවෙන් ආදාහන උත්සවයක් කරනවටවත්. මම අක්ෂිදාන සංගමයේ ප්‍රධාන අනුශාසක, ඒ නිසා එතනට භාර දෙන්න. ඇස්, ශරීර අවයව, ගන්න පුළුවන් දේවල් අරන් ඊට පස්සේ වලළලා දාන්න. ආදාහන උත්සවයක් කරන්නත් එපා. ළමයි අව්වෙ තියන්නත් එපා.  පෙරහැරේ ගෙනියන්නත් එපා. ලක්ෂ ගණන් පෙට්ටි ගන්නත් එපා. ලාබම පෙට්ටියක් අරගන්න.  එක දවසකින් අවසන් කටයුතු ඉවර කරල දාන්න. ගමට කරදරයක් කරන්නත් එපා. මළාට පස්සේ සැරසිළි කොමිටිය, දාන කොමිටිය, මල් කොමිටිය වගේ හදාගෙන ලක්ෂ ගණන් වියදම් කරනවා. මට ඒකෙන් වැඩක් නෑනේ මළාට පස්සේ. මම හරිම ප්‍රිය කරන නායක හාමුදුරුවන් වහන්සේ නමක් තමයි රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ.  උන්වහන්සේ කීවේ මං අපවත්වුන ගමන් වහාම ඉවත් කරන්න, කුණුගොඩක්, මං අවපත් වුණ ගමන් මේ මං නිදන් ඉන්න ලෑල්ල පිටින් ගෙනියලා අදාහනය කරන්න. එච්චරයි මගේ අවමංගල්‍ය කටයුතු.  මගේ අදාහන කටයුතුත් එහෙමම කරන්න.  ශතයක්වත් තෙරුමක් නැතිව නාස්ති කරන්න හොද නෑ. උත්සවවලට මම විරුද්ධයි”

අල්පේශාක්‍ය ආදර්ශමත් නිවුනු දිවියක් ගත කළ උන් වහන්සේ තම අවසන් ගමනද එසේම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් සිදුවිය යුතු බවට බලාපොරොත්තු වූවත් එය එසේම සිදුවී ඇතිද?

රටෙත් ජාතියෙත් උන්නතිය උදෙසා අවංකව, නිර්ව්‍යාජව තම උතුම් දිවිය කැප කරමින් උන්වහන්සේ ගොඩ නැගීමට බලාපොරොත්තූ වූ සැමට සාධාරණ වූ යහපත් සමාජය යතාර්ථයක් කර ගැනිමට අපට හැකිවූවාද? ඉතිරිව තිබෙන්නේ ප්‍රශ්නාර්ථයකි…

අතිපූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !

 

Related posts

කළකිරුණු ශ්‍රීලනිප ඇමති 12ක් අද ජනපති හමුවෙයි.. ආණ්ඩුවෙන් යන තීරණය දැනුම් දෙයි !!

colombotoday

ෆොන්සේකාට ඇමතිකමක් දුන්නොත් විජේදාස ඉල්ලා අස්වීමට සැරසේ

colombotoday

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

පර්පචුවෙල් ට්‍රෙෂරිස්, බැදුම්කර ගන්න මහබැංකුවෙන් ගත් බිලියන 11 ණය ගෙවීමත් පැහැර හැරලා !

colombotoday

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin