Colombo Today Local News

කළකිරුණු ශ්‍රීලනිප ඇමති 12ක් අද ජනපති හමුවෙයි.. ආණ්ඩුවෙන් යන තීරණය දැනුම් දෙයි !!

ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (6) සවස ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් 12 දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී වන බව සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන්දික ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය. ”මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන පැහැදිලි තීන්දුවක ඉන්නවා. ඒ තීන්දුව ගැන ජනපතිවරයා දැනුම්වත් කිරීම අපේ යුතුකමක්. එතුමා දැනුම්වත් නොකර අපි කවදාවත් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විපක්‍ෂයේ වාඩිවුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිදා හැර යන්නේ නැහැ” යැයි ද ඔහු කීය.

lankadeepa

Related posts

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

colombotoday

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin