Colombo Today Local News

මේක ඉවර කරලා අවුරුදු තුනක් වෙනවා. තාම කිසිම විකල්පයක් නෑ. හරියටම කහ ඉරේ අනතුරකුත් වුණා – පාසල් දරුවන්ගේ දෙමව්පියන්

පාසල් සිසුන්ට ජීවිත අවදානමක්ද සහිතව මාර්ගයක් හරහා ගමන් කිරීමට සිදුවීමේ පුවතක් මහනුවරින් වාර්තා වේ.

ඒ පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකළ උමං මාර්ගයක් වසර ගණනාවක් තිස්සේ විවෘත නොකිරීම හේතුවෙන්ය.

මේ මහනුවර තැන්නේකුඹුර මාර්ගයේ මහනුවර ධර්මරාජ විදුහල සහ ඩි එස් සේනානායක විදුහල් ඉදිරිපිට ඉදිකර ඇති උමං මාර්ගයයි.

සිසුන්ට ආරක්ෂිතව පාර මාරුවීම සඳහා මෙම උමං මාර්ගය ඉදිකර තිබේ.

නමුත්, එහි ඉදිකිරීම් අවසන් වී වසර කිහිපයක් ගතවී ඇතත් මේ වන තෙත් එය භාවිතා කිරීමට ඉඩසලසා නොමැති බවට ජනතාව චෝදනවා කරයි.

“මේක ඉවර කරලා අවුරුදු තුනක් විතර වෙනවා. මෙතෙන අනතුරකුත් වුණා. ඒ වුණෙත් හරියටම කහ ඉරේ. තාම කිසිම කෙනෙක් විකල්පයක් දීලා නෑ.”

මීට පෙර අවස්ථා කිපයකදි මෙම ස්ථානයේ රිය අනතුරු ද සිදුවී
තිබිණි.

ඒ හේතුවෙන් පාසල් දරුවන්ගේ මව්පියන් ඇතුළු ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තවත් අනතුරක් සිදුවීමට පෙර උමං මාර්ගය විවෘත කර දෙන ලෙසයි.

Related posts

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

යුධ හමුදාපති ශවේන්ද්‍රට එරෙහි පළමු වෙඩිමුරය ඇමරිකාවෙන්

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday

පොලිස් නිලධාරිනියට සද්දේ දැමූ හොර දොස්තර කූඩුවට

colombotoday