Covid 19

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

ජෝර්දානයේ ඇගළුම් කම්හලක සේවයේ නියුතුව සිටි වේයන්ගොඩ තරුණයකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති අතර එම ආයතනයේ විශාල පිරිසක් රෝගීව මෙන් ම අසරණ ව සිටින බව දැනුම් දී ඇතැයි මියගිය අයගේ ඥාතීහු කියති.

වසරකුත් මාස අටකට ඉහතදී රැකියාවට ගිය වේයන්ගොඩ වදුරව පදිංචිව සිටි සම්පත් හංසක සිරිවර්ධන 38 අවිවාහක තරුණයා මෙසේ මියගොස් ඇති බව පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත.

මිය ගිය තරුණයා සමග තවත් දෙදෙනෙක් කොරෝනා ආසාදිත ව වෙන්ව කාලය ගත කර ඇතැයිද එම ඇඟලූම් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික පිරිස් මේවනවිට කරකියාගත දෙයක් නොමැතිව සිටිනා බව ඔවුන් දන්වා ඇති බවද මියගිය අයගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.

මෙම තරුණයා ගේ මරණය දින තුනකට පෙර දී සිදුවී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයිද ඔවුහු කියති.

මෙම සේවක පිරිස් විදේශ ගත කිරීමට මුල් වූ ශ්‍රී ලංකාවේ ඒජන්සිය ද මේ වන විට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් මත එරට අසරණ ව සිටින පිරිස් කැඳවාගෙන ඒම හා හෝ රැකවරණ සැලසීමට වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

colombotoday

මහ බැංකු ආපනශාලා සේවකයෙකුට කොවිඩ්

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය දෙදෙනෙකුට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 4 ක් ගෙවුණු දිනයේදී වාර්තා වෙයි – සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළට

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානවල සේවකයින් 42කට කොරෝනා.මහා වීදියේ කඩයකින් රෝගීන් 11 ක් හමුවෙයි.

colombotoday