Covid 19

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානවල සේවකයින් 42කට කොරෝනා.මහා වීදියේ කඩයකින් රෝගීන් 11 ක් හමුවෙයි.

කුරුණෑගල නගරයේ මහ වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 11දෙනෙකු හදුනාගෙන තිබේ.

පසුගිය 30 වැනිදා කුරුණෑගල නගරයේ ස්ථාන කිහිපයක පුද්ගලයින් තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත්, එහි ප්‍රතිඵල වලින් මොවුන් හදුනාගත් බව කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

එම නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් එක්වර ආසාදිතයින් 11දෙනෙකු හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව ද එම කාර්යාලය සදහන් කරයි.

අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් මීට පෙර ද කොවිඩ් ආසාදිතයෙකු හමුවී ඇත.

මේ අතර කුරුණෑගල මහ වීදිය සහ ඒ අවට අනෙකුත් වීදි ආශ්‍රිත ව්‍යාපාරික ස්ථානවල සේවකයින් 42දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

නව ආසාදිතයින් 889ක් හදුනා ගැනේ

colombotoday

කොග්ගල ආසාදිතයින් 217ක් ගෙවල් වල

colombotoday

මාතලේ කොවිඩ් ආසාදිතයින් 31ක්

colombotoday

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලදීලා

colombotoday

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් කොවිඩ් ආසාදයවී මරුට

colombotoday