Covid 19

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලදීලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග පරිදි රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු කොවිඩ් වැලඳුණ නවදෙනා භාරව සිටි සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලඳී ඇත.

අන්තවාදීන්ට සම්බන්ධ බව කියන හිජාස් හිස්බුල්ලා, පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු රැඳවූවන් නවදෙනකුට ඉකුක් 7දා කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ පසු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇත. මෙම රැඳවූවන් හා ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ ළඟම ආශ්‍රිතයන් බවට පත්වූ සී.අයි.ඩී. නිලධාරීන් දින දාහතරක නිරෝධායනයකට යොමුකර තිබේ.

Related posts

ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

colombotoday

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday

කොවිඩ් ආසාදනය වූ තවත් 1,808ක් හදුනා ගනී

colombotoday

තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා ඉහලට

colombotoday