Covid 19

ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක්

ගාල්ලේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තාවී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි.

මෙම ස්ථානයේ සේවය කරන මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමත් සමඟ ඇගේ ආශ්‍රිතයන් වෙනුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ වනවිට සේවකයන් 09 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම 9 දෙනාගෙන් 06 දෙනකු ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි අතර 03 දෙනකු වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ කියයි.

ගාල්ලේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සංචරණ සීමා පනවා තිබූ ප්‍රදේශවල හැර වෙනත් ප්‍රදේශවලින් ද මෙම ආසාදිතයන් වාර්තා වී ඇත. ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන බවත් ආසාදිතයන් 09 දෙනාම රෝහල්ගත කර එම ඇඟළුම් ආයතනය වසා දැමූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.

Related posts

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

colombotoday

ගර්භණී මව්වරුන් 700කට කොවිඩ් | මව්වරුන් 19ක් ජීවිතක්ෂයට

colombotoday