Colombo Today Local News

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ දළුපොත රොකී අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ මත්කුඩු විකිණීමෙහි යෙදී සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 15ක් පමණ වන හෙරොයින් ග්‍රෑම් 105 ක් සමග අද (8)දින අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.

දළුපොත බුලුගහ හන්දිය අසලදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘දළුපොත රොකී’ නැමැත්තෙකි.

මීගමුව පොලිසයේ දුෂණ මර්ධන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 77769 ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.

පොලිස් පිරිස සැකකරු අත්අඩංගුවට ගෙන සෝදිසි කිරීමේදී මෙම හෙරොයින් තොගය හමුවී ඇත්තේ සැකකරුගේ ඇඳුමේ සගවාගෙන සිටියදීය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමෙන් ලබාගත් බවට සැක කරන රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය ලබා ගන්නා ආකාරය හෙළි කර ගැනීමට හා ඒවා බෙදා හරින ස්ථාන අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

colombotoday

“මංතීරුව කැඩුවේ පාර පළල් කරන්නයි.. පස්සේ සුපිරි මංතීරුවක් හදනවා” මෙගා පොලිස් අමාත්‍යාංශය

colombotoday

පංති කාමරයේ විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙක් මරුට

Admin

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

colombotoday

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday