Colombo Today Local News

‘ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා‘ – අගමැති බිරිද මෛත්‍රී, ජනපති මෛත්‍රීගෙන් ඉල්ලයි

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබා නොදෙන්නැයි ඉල්ලමින් පෙබරවාරි 01 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර ඇත.

‘ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා‘ යන ලිපි ශීර්ෂය යටතේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක එකතුවෙන් යොමුකර ඇති මෙම ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සිය අත්සන යොදා ඇත.

ඤාණසාර හිමියන්ට සිර දඩුවම් නියම කළ නඩු තීන්දුවේ 56 වැනි පිටුවේ සදහන් ‘ඤාණසාර හිමියන් සිය වරද සම්බන්ධයෙන් කණගාටු නොවීම විශේෂයෙන් සදහන් කරමි“ යන අභියාචනාධිකරණ සභාපතිවරයාගේ ප්‍රකාශය ඤාණසාර හිමියන්ට නිදහස ලබා නොදීමට ප්‍රස්තූත වූ කරුණු ලෙස අදාළ ලිපියේ සදහන් කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබදව අප බොදුබල සේනා සංවිධානයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ එම උපුටා දැක්වීම බොරුවක් බවත්, ඤාණසාර හිමියන් චෝදනාවට ලක් වූ අදාළ සිදුවීමේදී ‘වරදක් වූවානම් සමාවන්න ස්වාමීනි‘ යැයි දෙපාරක් සදහන් කර ඇති බවයි. එම අවස්ථාවේදී පටිගත කරන ලද සමාජ ජාලාවල සංසරණය වන වීඩියෝ හඩ පටයද පහත දක්වා ඇත.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට

colombotoday

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය යාපනයේදී මහජන අදහස් විමසීමයි

colombotoday

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

Admin

ඇමති වාසු නිල නිවාස-වාහන යලි භාරදෙයි

colombotoday

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

colombotoday