Colombo Today Local News

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 15ක් පමණ වටිනා පාන්පිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ තොගයක් ගනේවල්පොළ ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව යි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් ක‍ළේ, මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබු බවය.

එහි කිලෝ 25 සහ 50 පාන් පිටි ඇසුරුම් 10,000කට අධික ප්‍රමාණයක් තිබී සොයාගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක්ද එහි තිබී සොයාගෙන තිබේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදුකළ ක්ෂණික වැටලීමකදී මෙම භාණ්ඩ තොගය සොයා ගෙන තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාන් පිටි තොගයට මෙම ස්ථානයේදී විෂ ද්‍රව්‍ය යොදා එහි සිටි ගුල්ලන් මර්දනය කර යළි සකසා කල් ඉකුත්වීමේ දින වෙනස් කර අලුතින් මුද්‍රණය කර නව ඇසුරුම්වල නැවත අසුරා යළි බෙදා හැරීමට සූදානම්ව තිබී ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා පැවසුවේය.

Related posts

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

පාර්ලිමේන්තුව මල් විලක් කරනවා

Admin

ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයි

Admin

නීතිවිරෝධි වැලි කැනීම් ඇතුලු ජාවාරම් වලට එරෙහිව දැඩි පියවර

colombotoday

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday