Colombo Today Local News

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ඊයේ (29) බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට සැකකෙරෙන “ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කලක පටන් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත.

සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලීසියට අධිකරණයෙන් අවසරදී තිබේ.

Related posts

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

colombotoday

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

colombotoday

“මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ඔහුට දඩුම් කළ යුතුයි“ – සමන් රත්නප්‍රිය

colombotoday

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වේගවත් කරයි

colombotoday