Colombo Today Local News

ජනාධිපති විමර්ෂණ කොමිසම නීති විරෝධියි, හිටපු ජනපතිගෙන් විරෝධයක්, තීන්දුව හෙට.

1444887701mahindagallery02බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතා පෙන්වා දෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අද එම කොමිසම හමුවේ කැඳවූ අවස්ථාවේදී නීති තර්කයක් මතු කරමින් මාරපන මහතා ඒ බව සඳහන් කළා. එම කොමිසමට මහාධිකරණ විනිසුරුවන් පත්කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නොමැති හෙයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඊට කැඳවීමට නීතිමය බලයක් නොමැති බව ඔහු අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ තර්කයක් ගොඩනගමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ කොමිෂන් සභා පනත යටතේ විනිසුරුවන් පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවයි.ඒ අනුව කොමිසම බල රහිත ද නැද්ද යන තීන්දුව හෙට දිනයේදී ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.මෙම තත්වය නිසා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බව ද වාර්තා වුණා.

ජනාධිපතිවරණ සමයේ රජයේ රූපවාහිනී නාලිකාවක පළ වූ ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් විමර්ශනයටයි රාජපක්ෂ මහතාව එම කොමිසමට කැඳවා තිබුණේ.මේ අතර රාජපක්ෂ මහතාට සහය පළ කරමින් විශාල පිරිසක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට රැඳී සිටිනු දක්නට ලැබුණා.

Related posts

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගලවන ගැසට් නිවේදනය අත ළගයි….

colombotoday

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday

යහපාලනාචාර්ය සරත් විජේසූරිය තමන්ටම සාප කරගනී !

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday