Colombo Today Local News

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.  

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB ,කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී ඇත.  

නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර තිබේ.

1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර ගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසු ව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලූ උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර ඇත.   ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය විරාජ් කාරියවසම් මහතා විසින් මීලඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday

අපරික්ෂාකාරී රිය ධාවනය මගින් අනතුරක් සිදු කිරීම. – උමාරියාට ඇප. රියදුරු බලපත්‍රය අධිකරණය භාරයට

colombotoday

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

පුත්තලමේ නිවසකට කඩා වැදුණු පිරිසක් පහර දි නිවැසියෙකු මරා දමලා.

colombotoday

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday