Colombo Today Local News

බාහිර සාධක නොසලකා ඉල්ලුම් කරන සැමට විදුලි සබඳතා ලබාදීමට කටයුතු කරන්න. – ඇමති රවීගෙන් උපදෙස්

“සමස්ත දිවයින පුරාම, ඕනෑම පුද්ගලයෙකුට, තමන් ජිවත්වන ස්ථානයට කිසිදු පදනමකින් තොරව විදුලිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන්න කියලා මම ලංකා විදුලිබල මණ්ඩයෙන් ඉල්ලීමක් කරනවා. මීට ඉහතදී යම් කෙනෙක් නව විදුලි සම්බන්ධතාවක් අයදුම් කළාම, අදාළ නිවාසයේ පදිංචිව සිටින පදනම කුමක්ද, කොපමණ කාලයක්ද, අදාළ නිවසේ හිමිකාරීත්වය කාගේද ආදී ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් ඉදිරියේදී එවැනි කිසිදු ගැටළුවකින් තොරව, ඉල්ලුම් කරන සියළු දෙනාටම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. විදුලිය කියන්නේ මිනිසාගේ මූලික යටිතල පහසුකමක්. ඒක ලබාගැනීම මානව අයිතිවාසිකමක්. තමා ජීවත්වන තැන තමාට අයිතිවාසිකමක් තිබෙනවා. ඒ අයිතිවාසිකම උල්ලංඝනය නොකර, ජනතාවට විදුලිය ලබා දෙන්න අපි කටයුතු කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ජාතික මට්ටමෙන් පළාත්සභාවල තිබෙන ප්‍රශ්න විසදීම යටතේ බස්නාහිර පළාත්සභාව තුළ ජීවත්වන ජනතවට බලපා ඇති ගැටලු, දුෂ්කරතා අධ්‍යයනය කර අදාළ ගැටලු විසදීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඊයේ (11) පෙරවරුවේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමුවූ අවස්ථාවේ, විෂයබාර අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අද වනවිට සමස්ත දිවයිනේ බොහෝමයක් දිස්ත්‍රික්කවල විදුලියනය 100‍%ක් බවට පත්කර තිබෙනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, මාතලේ, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්ගේ 1‍%ක් වැනි සුළු ප්‍රමාණයන්ගෙන් තවමත් විදුලිය නොමැති ජන කොටස් ජීවත් වෙනවා. මූල්‍ය අවහිරතා, ප්‍රධාන ජාලයට ලගාවිය නොහැකි ස්ථානවල ජීවත්වීම, සාම්ප්‍රධායිකත්වය, ඉඩම් හිමිකාරීත්වය නොමැතිකම වැනි යම් යම් හේතූන්මත මෙම 1‍%ක ප්‍රමාණයක් තවමත් විදුලි එළිය නොලබා සිටිනවා. මෙයින් වැඩිවශයෙන් බලපා ඇති ගැටලුව ලෙස, නව විදුලි සබදතා ඉල්ලුම් කිරීමේදි ලංකා විදුලිබල මණ්ඩලය වෙත සපුරාලිය යුතු අවශ්‍යතාවන් බලපා ඇති බව වාර්තා වෙනවා.

විදුලිබල මණ්ඩලයේ ස්ථාවරත්වය, රදා පැවැත්ම බලපානු ලබන්නේ විදුලි පාරිභෝගික ජනතාව මතයි. එබැවින් අපි මූලිකව ඔවුන්ගේ විදුලි අවශ්‍යතා පිළිබදව අවධානය යොමු කළ යුතුයි. කෙනෙක් යම් ස්ථානයක කුලී පදනම, බදු පදනම ආදි ඕනෑම පදනමක් මත පදිංචිව සිටිනාවිට ඔහුට එහි යම් හිමිකාරිත්වයක් ලැබෙනවා. ඒ හිමිකාරිත්වය පමනක් පදනම් කරගනිමින්, මානව හිමිකමක් සේ සලකා ඉදිරියේදී විදුලිය ඉල්ලුම් කරන සැමට සබදතා ලබාදිමට අපි කටයුතු කරනවා” යැයි පැවසීය.

Related posts

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin

දින ගණනක මෙහෙයුමකින් අයිස් – හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදාව අල්ලයි

Admin

සූරියවැව කොල්ලන් හෙල්ලූ සජිත්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල මෙන්න (Video)

colombotoday

සරසවි සිසුන් එන්නත්කරණය අද සිට

colombotoday

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday