Colombo Today Local News

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව තිබේ.

ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කොට ඇති ඉන්ධන කිසිදු ලෙසකින් පිටතට කාන්දුවීමක් සිදුව නොමැති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් තබමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මේ බව සඳහන් කර සිටියි.

එමෙන්ම නෞකාවේ ඇතිවූ ගින්නද මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය වී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

Related posts

චීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

colombotoday

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

සිංහල ජාතිය ගැන කතා කිරීම නිසා ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ඇමතිකම අහිමිවෙයි ?

colombotoday

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

colombotoday