Colombo Today Local News

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති පාලකයෙන් බිහි කිරීමේ පළමු පියවර බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය සංශෝධනය කිරීම, හදිසි පනත් ගෙන ඒම පිළිබඳ වූ විධි විධාන සංශෝධනය කිරිම වැනි යෝජනා තුළින් දිස්වනුයේ රාජ ආණ්ඩුවක මූලික ලක්ෂණ බවය.

ජනතාව ශක්තිමත් කිරිම පසෙකලා පවුලක් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දරණ ප්‍රයත්නය මෙම යෝජනාවලිය පුරාම දක්නට ලැබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

දශක 04කට ආසන්න කාලයක් ජනතාව තුළ නොනවතින අරගලයක ප්‍රතිඵලයක් ලෙස 2015 දී ලබාගත් ජනතා ජයග්‍රහණය ආපස්සට හැරවීමට දරණ උත්සහය ජනතාව අතර නීතිමය ක්‍රියාවලිය තුළ පරාජය කිරීමට ගත හැකි සියලුම පියවර ගන්නා බව සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධන සුරක්ෂිත කිරීමටත්, එය ශක්තිමත් කිරිමටත් පියවර ගන්නා ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්ව කටයුතු කරන බව ද සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related posts

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10%කින් ඉහළට

colombotoday

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday