World

කොරෝනාවෙන් වැඩියෙන්ම බැට කෑ ඇමරිකාවේ දරුණු ගැටුම්. ප‍්‍රධාන නගර තිහකට ඇඳිරිනීතිය. සිය ගණන් අත්අඩංගුවේ

ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන් දහස් ගණනින් මහාමාර්ගවලට පැමිණ වාහන ගිනි තබමින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් රට පුරා ප‍්‍රධාන නගර තිහකට අධික සංඛ්‍යාවක ඇඳිරිනීතිය පනවා තිබේ.

මේ හේතුවෙන් පොදු දේපළ රැසකට හානි වී ඇති අතර රටපුරා ස්ථාන ගණනාවක විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ඇතිවී තිබේ.

ඩොලර් විස්සක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කළ බවට වෙළඳසලකින් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඞ් නමැත්තකු අත්අඩංගුවට ගත් අතර පොලිස් නිලධාරියකු ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහුව බිම දමා ගෙල සිර කිරීම නිසා පසුව ඔහු මරණයට පත්වීම මෙම ගැටුම්වලට හේතුවයි.

අදාළ දුරකථන පණිවිඩයෙන් පසු පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ ෆ්ලොයිඞ් ඔහුගේ වාහනයෙන් එලියට ගෙන මාංචු දමා ඔහුගේ සිරුර අඩපන වන තුරුම හුස්ම හිරකරගෙන සිටි අතර එම සිද්ධිය කිසියම් පිරිසක් විසින් රූගත කර මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන ලදී. ඒ සමග මෙම ගැටුම් ඇතිවූ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වන ඩෙරික් චෝවින් සහ ෆ්ලොයිඞ් අත්අඩංගුවට ගැනීමට උදව් කළ අනෙක් නිලධාරීන් තිදෙනා වහාම සේවයෙන් ඉවත් කරන ලදී.

පසුව ඩෙරික් චෝවින් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ වන විට ගැටුම් හේතුවෙන් එක අයකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. තවත් සිය ගණනක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්

Admin

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday