World

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

ලොව ප්‍රවීණතම දේශපාලඥයෙක් ලෙස සැලකෙන දැනට 97 හැවිරිදි වියේ පසුවන මැලේසියාවේ මහතීර් මොහොමඩ් එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සැලසුම්කරන බව වාර්තා වේ.

ඔහු දීර්ඝ කාලයක් එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය. පළමුවර වසර 22ක් එරට අගමැති ධුරය දැරූ ඔහු නැවත වරක් 2018 වසරේදී එරට අගමැති ධුරයට පත්වුණි. එවිට ඔහුගේ වයස අවුරුදු 92කි.

හෘදයාබාධයක් හේතුවෙන් 2022 වසර මුලදී ඔහු රෝහල්ගත වුවද මහතීර් පවසන්නේ තමාගේ පාර්ලිමේන්තු අසුන රැකගැනීමට තමා සූදානම් බවය.

නමුත් ඔහුගේ සභාගය ජය ලැබුවහොත් තෙවැනි වරටත් අගමැති පදවියට පත්වන්නේද නැද්ද යන්න ඔහු පවසා නැත.

Related posts

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

ගුවන් යානයක් කඩා වැටෙයි

colombotoday

අපරාධකරුවන් මර්දනයට රෝබෝවරු යොදාගන්න යෝජනාවක්

Admin

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday